සිංහයන්ට උකුස්සන් කොටයි

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ(17) ලකුණු 12 ක ජයග්‍රහණයක් අත්කරගත්තා. ඔවුන්ගේ ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොත් අතරටද එක්වෙනවා. ඒ පිට පිට තරග 3 ක් සිම්බාබ්වේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කල ප්‍රථම අවස්ථාව ලෙසයි.

තවද ICC පුර්ණ සාමාජිකත්වය ලැබූ රටක් විදේශීය රටකදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් මෙසේ පරාජය කර ඇත්තේ වසර 15 කට පසු වීමද විශේෂත්වයක්.

ඕවර් 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 290 ක් රැස්කල සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 278 කි.

Leave a Reply

Your email address will not be published.