සිනමාවිල කැළඹු ගාන්ධර්වයාණෝ…

තල්දුව වාද්දුව ගම් පියසේ විසූ ගුරුගේ සිමියොන් පෙරේරා හා ඇලන් නෝනා යුවලට දාව දරුවන් 12 දෙනෙක් විය.1937 ජනවාරි 25 වනදා එම පවුලට තවත් කුඩා බිලිදු පුතෙකු එක්වන්නේ පවුලේ 13 වන දරුවා ලෙසටය. පවුලේ බාලම දරුවා වන ඔහු නමින් “ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා” නම් විය.

පසු කලකදී සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවගේ සංගීත රසාස්වාදය නව තලයන් කරා රැගෙන යමින් නව මානයන් ඔස්සේ සංගීත ස්වරයන් ස්පර්ශ කල දේශයේ අසමසම කලාකරු ” දේශමාන්‍ය කලාකීර්ති ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්” ඔහු විය. දුප්පත් පවුල් පරිසරයක හැදී වැදුණු ඔහු තල්පිටිය පිරිමි පාසල, වාද්දුව රජයේ පිරිමි පාසල හා පානදුර ශ්‍රී සුමංගල විදුහල යන පාසල් වලින් සිය අධ්‍යාපනය හැදෑරුවේය. කුඩාකල සිටම දක්ෂ බටනළා වාදකයෙකු වූ ඔහු දුම්රියේ රාජකාරී සදහා යනෙන මගීන් පිනවීමට සිය බටනලාව වැයුවේය. ගුවන් විදුලි වැඩසටහන් සංගීත ශිපියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹු ඔහු පසු කලකදී චිත්‍රපට සංගීත වේදියෙකු ලෙස ලොවක් ජයගන්තේය.

1965 දී “සෝබන සිත” චිත්‍රපටය හරහා සිනමා සංගීතයට පිවිසෙන ඔහුට 1967 දී “සැනසුම කොතැනද” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් පළමු සම්මානය හිමවේ. ඉන්පසු විවිධ නිර්මාණ ඔස්සේ සම්මානයට පාත්‍රවන ඔහුට 1979 “බබරු ඇවිත්” චිත්‍රපටය වෙනුවෙන් පළමු ජනාධිපති සංගීත සම්මානය හිමිවේ.

සිංහල සිනමාවට තේමා සංගීතය හා පසුබිම් සංගීතය හඳුන්වා දෙන ලද්දේ ද ආචාර්ය කේමදාසයන් විසිනි. සැනසුම කොතැනද චිත්‍රපටයේ “සුළං කුරුල්ලෝ” කපටිකම චිත්‍රපටයේ “කුරුළු රෑන් රෑන් රෑන්” මී මැස්සෝ චිත්‍රපටයේ “රූන් රූන් රූන් මී මැස්සෝ” දුලීකා චිත්‍රපටයේ “ආදර මල් පවනේ”වාසනා චිත්‍රපටයේ “ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා”, ළසඳා චිත්‍රපටයේ “මා ප්‍රාර්ථනා ආශාවෝ”, වසන්තේ දවසක් චිත්‍රපටයේ “දේදුන්නෙන් එන සමනලුනේ”, ජනක සහ මංජු චිත්‍රපටයේ “කෝ මා පැතූ ඔබේ ආදරේ “ආදී බොහෝ ජනාදරයට පත් වූ සිනමා ගීත බොහෝමයක සංගීත අධ්‍යක්ෂකයා ඔහු විය.

ඔහු විසින් වේදිකා නාට්‍ය වලට හා ටෙලි නාට්‍ය වලට නිර්මාණය කළ සංගීත රචනාද බොහෝය. ඒ අතරින් “අන්ගාරා ගඟ ගලා බසී” “ජුලී” “ඒකාධිපති” “මකරාක්ෂයා” “ධවල භීෂණ” වැනි වේදිකා නාට්‍ය වලට ද, “වෙද හාමිනේ”, “දඬුබස්නාමානය”, “අකාල සන්ධ්‍යා”, “සතර දෙනෙක් සෙන්පතියෝ” “සදිසි තරණය” වැනි ටෙලි නාට්‍ය වල සංගීත රචනා තුළින්ද ධ්වනිත වන්නේ සියුම් සංගීත නිර්මාණකරණයේ ඔහුගේ ප්‍රතිභාවයි. එසේම කේමදාස මාස්ටර් විසින් සරල ගී රැසක් සඳහාද රසාලිප්ත වූ තනු නිර්මාණය කර ඇත. පණ්ඩිත් අමරදේවයන් ගේ “විකසිත පෙම්”, නන්දා මාලිනිය ගයන “අම්මාවරුනේ”, අමරසිරි පීරිස් ගයන “ළඳුනේ”, ටී. එම්. ජයරත්නයන් ගේ “මේ අයුරින් අපි සංසාරේ” ආදිය ඔහුගේ සරල ගී සයුරෙන් දෝතකි.

සෝමලතා පෙරේරා මහත්මිය සමග විවාහ ගිවිසගන්නා ඔහුට අනූපමා කේමදාස හා ගයාත්‍රි කේමදාස නමින් දූවරු දෙදෙනෙකි.දුෂ්කර පළාත්වල ජීවත්වෙන අඩු ආදායම්ලාභී පවුල්වල සංගීත හැකියාවන් සහිත තරුණ තරුණියන්ගේ කුසලතා ඔප්නැන්වීම සදහා ඔහු විසින් 1992 වසරේදී “කේමදාස පදනම” ආරම්භ කරයි. එයින් සමාජයට මෙන්ම සංගීතයටද සුවිසල් මෙහෙයක් කරමින් නව ආරක සංගීතය කරා සිංහල සංගීතය මෙහයවවමින් චිත්‍රපට පසුබිම් සංගීතය, ගීත, නාටක, ඔපෙරා, සංධ්වනි මෙන් ම කැන්ටාටා ද නිර්මාණය කරමින් ඔහුගෙන් පසු මග සලකුණු කිරීමට සුවිසල් ගෝලයන් පිරිසක්ද ගොඩනැගුවේය. එවන් වූ සුවිසල් මෙහෙයක් සිදු කල මාස්ටර් කේමදාසයන් 71 අවුරුද්දකට පසු 2008 ඔක්තොම්බර් 24 වනදා අප අතරින් වෙන්ව ගියේය.

එළඹෙන 24 වනදාට ඔහු අප අතරින් වෙන්ව ගොස් අවරුදු 9 කි. ඒ වෙනුවෙන් කේමදාස පදනම මගින් ඔහුගේ සංගීතයෙන් පෝෂණය වූ සිනමාපට 7 ක් ප්‍රේක්ෂකයන්ට නැරඹීම සදහා කටයුතු සුදානම් කර ඇත. 35mm සිනමා පටයේ රුගතකල එම සිනමාකෘති අවසන් වරට දකින්නට ලැබෙන්නේ මේ තිරගතවීම් තුලදී පමණක් විය හැක. මන්ද එතරම්ම එම සිනමා පට කාලයත් සමග වියැකීයාම සිදුවී ඇති නිසාය. තරංගනී සිනමා ශාලාවේදී අද දින සිට ඇරඹෙන මෙම සිනමා ප්‍රදර්ශණය ලබන 24 වනදා දක්වා පැවැත්වේ. මේ සමග හෙළ සිනමා සංගීතයේ මිහිර විදින්නට අපි ඔබ සැමට ආරාධනා කර සිටිමු.
සටහන – රුවන් මුහන්දිරම්ගේ

11 thoughts on “සිනමාවිල කැළඹු ගාන්ධර්වයාණෝ…

  • October 28, 2017 at 6:04 am
    Permalink

    I don’t even know how I stopped up here, however I believed this post was good. I don’t recognise who you are but definitely you’re going to a well-known blogger if you aren’t already. Cheers!

    Reply
  • October 31, 2017 at 4:34 am
    Permalink

    You realize thus considerably with regards to this matter, made me for my part consider it from a lot of numerous angles. Its like women and men don’t seem to be fascinated until it’s one thing to do with Lady gaga! Your own stuffs outstanding. All the time maintain it up!

    Reply
  • October 31, 2017 at 4:02 pm
    Permalink

    I believe this is among the so much significant info for me. And i’m satisfied studying your article. But want to commentary on some general issues, The site style is great, the articles is actually nice : D. Just right process, cheers

    Reply
  • November 1, 2017 at 4:48 am
    Permalink

    Its such as you read my thoughts! You seem to grasp so much about this, such as you wrote the book in it or something. I think that you simply can do with a few percent to drive the message house a bit, but other than that, this is great blog. A great read. I’ll definitely be back.

    Reply
  • November 1, 2017 at 2:23 pm
    Permalink

    I used to be suggested this blog through my cousin. I’m now not certain whether this submit is written through him as no one else recognize such designated about my difficulty. You’re amazing! Thank you!

    Reply
  • November 3, 2017 at 10:14 am
    Permalink

    I enjoy, cause I found exactly what I used to be looking for. You’ve ended my 4 day lengthy hunt! God Bless you man. Have a nice day. Bye

    Reply
  • November 4, 2017 at 12:43 am
    Permalink

    You already know thus considerably when it comes to this matter, made me in my view believe it from so many various angles. Its like women and men aren’t involved except it is something to accomplish with Girl gaga! Your individual stuffs great. Always handle it up!

    Reply
  • November 9, 2017 at 12:25 am
    Permalink

    This is very attention-grabbing, You’re a very skilled blogger. I have joined your feed and look ahead to seeking more of your fantastic post. Additionally, I’ve shared your website in my social networks

    Reply
  • November 9, 2017 at 11:26 pm
    Permalink

    Valuable information. Fortunate me I found your site by accident, and I’m stunned why this coincidence did not came about earlier! I bookmarked it.

    Reply
  • November 10, 2017 at 2:28 am
    Permalink

    Heya i’m for the primary time here. I came across this board and I in finding It really useful & it helped me out much. I am hoping to give one thing back and help others like you helped me.

    Reply
  • November 11, 2017 at 4:32 pm
    Permalink

    Hello There. I discovered your weblog the usage of msn. This is a really smartly written article. I’ll make sure to bookmark it and return to learn more of your useful information. Thank you for the post. I’ll certainly comeback.

    Reply

Leave a Reply

Your email address will not be published.