සිම්බාබ්බේ කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කොදෙව්වන් අසරණ කරයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කෙදෙව්වන් සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට සත්කාරක සිම්බාබ්බේ කණ්ඩායම සමත්වුණා. සිම්බාබ්බේ කණ්ඩායම කොදෙව්වන් සමග පැවති තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්බේ කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 257 ක් ලබා ගත්තා. අර්වින් සහ රාසා එක්වයි ඉනිම ගොඩ නැගුවේ. අර්වින් ලකුණු 92 යි. රාසා 77 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පහසුවෙන් ජයග්‍රහණය කරා ගමන්කළා. එහෙත් මැදපෙළ පිතිකරුවන් පීඩනයකට නතුවීමත් සමගින් තරගය කණ්ඩායම් දෙකටම විවෘත වුණා. අවසන් පන්දුවාරයේ කඩුලු පහක් අතැතිව ලබාගත යුතු වුණේ ලකුණු 4 ක් පමණයි. එහි පළමු පන්දුවට ලකුණක් ලබාගත් අතර දෙවන පන්දුවට කඩුල්ලක් දැවී ගියා. තුන්වන පන්දුවේදී තවත් කඩුල්ලක් දැවී ගියා. හතරවන සහ පස්වන පන්දුවලට එක් ලකුණු බැගින් ලබාගැනීමට කොදෙව්වන් සමත්වුණා. මේ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සදහා ලබාගත යුතු වුනේ එක් ලකුණක් පමණයි. එහෙත් එම ලකුණු සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ. දුවද්දී දැවීයාමකින් තවත් කඩුල්ලක් බිද වැටුනා.

මේ අනුව තරගය ලකුණු සම වෙමින් ජය පරාජයෙන් තොරව අවසන් වූනේ කෙදෙව්වන්ද කඩුලු 8 ක් දැවී ලකුණු 257 ක් ලබාගැනීමත් සමගයි.

මෙම තරගාවලියේ කෙදෙව්වන් ශ්‍රී ලංකාව සමග පැවති තරගය ප්‍රසාද ලකුණක්ද සමගින් ජය ගත්තා. ශ්‍රී ලංකාව සිම්බාබ්බේ කණ්ඩායම සමගින් පැවති තරගය ප්‍රසාද ලකුණක්ද සමගින් ජය ගත්තා. මේ අනුව තරගාවලියේ තීරණාත්මක තරගයක් ලබන 21 වැනිදා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්බේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.