සිරුර ගොඩ ගත්තේ පොලීසියේ වැරැද්ද නිසාලු

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා විසින් බවට ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මේ වන විට ගොඩ ගෙන තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව  ගොඩ ගැණුනු සිරුර කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මිහිදන් කර තිබුණේ කෑගල්ල පුවක්දෙණිය පොදු සුසාන භූමියේයි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඇඟිලි සලකුණු මියගිය සාජන් මේජර්වරයාගේ ඇඟිලි සලකුණුවලට සමානදැයි පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර නොමැතිවීම දේහය ගොඩගැනීමට හේතු වි ඇතැයි සදහන්. එය ඔහුගේ ලිපියේ ඇති සත්‍යතාව පරීක්ෂාකිරීම සදහා ඇති ප්‍රභලතම සාක්ෂියක්.

එම නිසා ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා සිරුර ගොඩගත් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.