සිසුවාට පහරදීම දුරදිග යයි – Video

මහනුවර ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිටදී පාසල් ශිෂ්‍යයෙකුට සිදුකළ පහරදීම පිළිබඳව අද (23දා) දවස තුළ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පොලීසියට නියෝග කර තිබෙනවා. අදාළ පහරදීම පිළිබඳව පුවත්පත් හා අන්තර්ජාලය මගින් තමාට දැනගන්නට ලැබී තිබෙන බවත්, එහෙත් නිතීය ක්‍රියාත්මක නොකර යම්යම් බලපෑම් මත සමාදාන ක්‍රියාවලියකට යෑමට සැරසෙන බවට ලැබුණු තොරතුරු මත මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම වාර්තාව ඉල්ලා සිටි බවද අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළා.

මීට අමතරව අදාළ සිදුවීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා පොලීසියට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.