සීගිරියට විදුලි සෝපාන

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාවට හානි නොවන පරිදි අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් පවතින බවයි. ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා  විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවයි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසුවේ. සීගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published.