සුද්දත් එක්ක ක්‍රිකට් ගහන ලංකාවේ සවින්

නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු දහ නවයෙන් පහළ ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩකයා කෙරෙහි මේ වනවිට ක්‍රීඩා ලෝකයේ අවධානය යොමු වෙමින් පවතිනවා. එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට බසින ඔහු නමින් සවින් පෙරේරා යි.

කොළඹදී උපත ලද සවින් පෙරේරා වයස අවුරුදු දහ තුනේදී එක්සත් රාජධානියේ පදිංචියට පැමිණි අතර එහිදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු දහ නවයෙන් පහළ එංගලන්ත කණ්ඩායමට තෝරා ගෙන ඇත. සිය පියා ඒවනවිට එංගලන්තයේ රැකියාවක නිරත වෙමින් සිටි බව සවින් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට පවසා ඇත.

අනාගතයේ දිනක ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලදහොත් තමාට සිංහල භාෂාව හොඳින් තේරෙන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා පන්දු යවන්නට හා පන්දු රකින්නට දෙන උපදෙස් තේරුම් ගැනීමට හැකියාවක් ඇති බව සවින් පෙරේරා පවසන්නේ සිනාමුසුවයි.

ඔහු දැනටමත් එංගලන්තයේ ‘මිඩ්ල්සෙක්ස්’ ප්‍රාන්ත කණ්ඩායමේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කරනවා.

තම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර යයි පවසන සවින් පෙරේරා අවුරුදු 19න් පහළ ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට උපරිම උත්සාහය ගන්නා බවත් කියා සිටියා.

5 thoughts on “සුද්දත් එක්ක ක්‍රිකට් ගහන ලංකාවේ සවින්

  • January 22, 2018 at 12:35 pm
    Permalink

    I think this is among the most important info for me.
    And i am glad reading your article. But want to remark on few general things, The website style is great, the articles
    is really great : D. Good job, cheers

    Reply
  • January 22, 2018 at 4:24 pm
    Permalink

    You can definitely see your enthusiasm in the article you write.
    The arena hopes for more passionate writers like you who are not afraid to say how they believe.
    At all times follow your heart.

    Reply
  • January 23, 2018 at 9:21 am
    Permalink

    I have been browsing online more than three hours today,
    yet I never found any interesting article like yours.

    It is pretty worth enough for me. In my opinion, if all webmasters and bloggers
    made good content as you did, the internet will be much more useful
    than ever before.

    Reply
  • January 24, 2018 at 10:34 am
    Permalink

    It’s impressive that you are getting thoughts from this article as well as from our discussion made at this time.

    Reply

Leave a Reply

Your email address will not be published.