සුරංගගේ මසුරං පන්දු යැවීම

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 267 ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ආරම්භක පිතිකරු යුගලය ලකුණු 104 ක සබදතාවක් පැවැත්වූවා.

ස්ටෙෆාන් කෝක් ලකුණු 59 යි. ජේපී ඩුමිනි ලකුණු 63 ක් ඉනිමට එක්කළා. මෙලෙස ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් තිබූ දකුණු අප්‍රිකා ඉනිම බිද දැමීමට සමත්වුණේ සුරංග ලක්මාල්ලේ මසුරං පන්දු යැවීමයි. තණතීරුවෙන් වේග පන්දු යවන්නන්ට ලැබෙන සහය ප්‍රයෝජනයට ගනිමින් ඔහු අනගි පන්දු යැවීමක නිරත වුණා.

ඒ අනුව තරගයේ කඩුලු 4 ක හිමිකරු වූයේ ඔහුයි. අනෙක් කඩුලු දෙක රංගන දවා ගත්තා. මෙරට වේගවත්ම පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට සාර්ථකවීමට හැකිවූයේ නැහැ. අත්දැකීම් අඩු දුෂ්මන්තට හොදින් පහරදෙමින් දකුණු අප්‍රිකානුවන් ලකුණු රැස්කළේ පීඩනයක් ගොනු කරමිනුයි.

මේ වන විට තණතීරුවේ හැසිරීම වේග පන්දු යවන්නන්ට ඉතාම යෝග්‍ය වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පිතිකරණයේ යෙදෙන විට වඩා පරිස්සමින් පිතිකරු සබදතා ගොඩනැගිය යුතු වන බවයි විචාරකයින් පවසන්නේ.

One thought on “සුරංගගේ මසුරං පන්දු යැවීම

Leave a Reply

Your email address will not be published.