සෙරප්පුවෙන් ගුටි කෑ ප්‍රදේශීය ලේකම් වෙනුවෙන් විරෝධතාවක්

කල්පිටිය ප්‍රදේශීය ලේකම්වරයාට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල්පිටිය නගරය ආසන්නයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අබ්දුල් සම්දික් සේගු අබ්දුල්  නමැත්තෙක්. ඔහු අවුරුදු 53 ක් වයස වෛද්‍යවරයකු බවයි පොලීසිය පවසන්නේ.

තමන් ඊයේ (19දා) මාදම්පේ කාර්යාලයේ රාජකාරී කටයුතු කරමින් සිටියදී ඉඩම් සම්බන්ධ ගැටලුවක් සඳහා පැමිණි සැකකරු රාජකාරියට බාධාකරමින් තමන්ට පහරදුන් බව කල්පිටිය වැඩබලන ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා ‍පොලීසියට පැමිණිලි කර තිබුණා. එම පැමිණිල්ලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙහිදී සැකකරු ප්‍රදේශීය ලේකම්ට සෙරප්පුවෙන් ගසා ඇතැයිද සදහන්.

මෙම වෛද්‍යවරයාට එරහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතාවක්ද පැවැත්වුණා.

One thought on “සෙරප්පුවෙන් ගුටි කෑ ප්‍රදේශීය ලේකම් වෙනුවෙන් විරෝධතාවක්

  • December 20, 2016 at 5:32 pm
    Permalink

    මොකක් හරි කුජීත වැඩක් කරන්න ඇති.. නැත්නම් නිකං මිනිස්සු ගහනවයැ…

    Reply

Leave a Reply

Your email address will not be published.