හම්බන්තොට කළහ කළ 32 ක් යලි රිමාන්ඩ්

හම්බන්තොට ඉකුත් දා ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 32 ක් ලබන 16 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් අනුවයි. මෙම පිරිස අතර සිටි බාල වයස්කාරුවෙකු පරිවාස භාරයට පත් කිරීමටද මෙහිදී නියෝග කෙරුණා.

අදාළ නොසන්සුන්තාව ඇතිවූයේ හම්බන්තොට නව ආයෝජන ප‍්‍රවර්ධන කලාපය ආරම්භ කිරීම වෙනුවෙන් පෙරේදා පැවති උත්සවයේදියි.

Leave a Reply

Your email address will not be published.