හෂාන් ජාතික ක්‍රිකට් පිතිකරු පුහුණුකරු වෙයි ?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නට මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුර ලබාදීමට බලධාරීන් තීරණය කර ඇතැයි ප්‍රයිම් ලංකා වෙත වාර්ථා වනවා. දැනට අවිශ්ක ගුණවර්ධන එක්දින තරඟවල පිතිකරු පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමට සේවය ලබා දෙනවා. ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය ආරම්භවීමට පෙර හෂාන්ව පිතිකරු පුහුණුකරු ලෙස පත්කිරීමට නියමිත බවයි වාර්ථා වන්නේ. සංචාරක ඉන්දියාව සමඟ පළමු ටෙස්ට් තරඟය ලබන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර පුහුණුවීම් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published.