හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු විදුහල්පතිවරයකුට තර්ජනය කරලා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරා දුරකථනයෙන් බැණ තර්ජනය කළ බවට කෝට්ටේ ආන්න්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිවරයා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

තමුසෙව පාසලට දාල තියෙන්නෙ තාවකාලිකවයි. අධ්‍යාපන ඇමතිට කියල දවස් දෙකෙන් යවන්න මට පුලුවන්. යැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පැවසූ බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මෙම බහින්බස්වීමට හේතු වී ඇත්තේ එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමක උප නායකයකු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මත ගැටුමක්. මෙම උප නායකයාව කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පවසා ඇත්තේ. ඒ එම ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා සමග ඇති පෞද්ගලික කොන්තරයක් මුල්කර ගනිමින්.

එහෙත් විදුහල්පතිවරයා පවසා ඇත්තේ එම ක්‍රීඩකයා දක්ෂතා දැක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් නොකරන බවයි. පසුගිය දිනවල විදුහලේ පැවති තරග කිහිපයකටම එම ක්‍රීඩකයා ක්‍රීඩා කර තිබෙනවා. මේ හේතුවෙනුයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුචිර පෙරේරා විදුහල්පතිවරයාට බැණවැදී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.