හිටපු ජනපති ආයෙත් කර අරී

වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. තෙවන වර කියවීමේදි කෙටුම්පතට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්‍ෂය ඡන්ද 23 ක් ප‍්‍රකාශ වුණා. ඒ අනුව 3 වන වර කියවීම සම්මත වුණේ වැඩි ඡන්ද 53 කින්.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පක්‍ෂව ඡන්දය ලබාදුන්නා.

විපක්‍ෂව ඡන්දය ලබාදුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණයි. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.

මේ අතර දෙවනවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 112 ක් ලැබුණු අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 46 ක් පමණයි. ඒ අනුව දෙවන වර කියවීම වැඩි ඡන්ද 66 කින් සම්මත වුණා.

කෙසේ වෙතත් මෙම ජන්ද විමසීමට ද හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී නොසිටීම කැපි පෙනෙනවා. පසුගිය කාලය පුරාම හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසිම් සදහා සහභාගී නොවිම කැපී පෙනෙනවා.

One thought on “හිටපු ජනපති ආයෙත් කර අරී

  • October 27, 2016 at 9:23 am
    Permalink

    මුගේ කරේ එල්ලන්න ඕනේ විමල් වීරවන්සයා, දිනේසයා, වනචර වල්ගොමයා, රත්තරං හොරා, සහ අනික් හොර හැත්ත.

    Reply

Leave a Reply

Your email address will not be published.