හිටපු ජනපති යද්දී ඩොලර් මිලියන 11 ක් ගෙනගිහින්

ගැම්බියාවේ හිටපු ජනාධිපතිවරයා රට හැරයාමත් සමඟ එරට භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 11කට අධික මුදලක් අතුරුදහන්වී ඇති බව නව ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් චෝදනා කරනවා. වසර 22ක් ගැම්බියාව පාලනයකළ යාය ජමෙහ් රටින් පිටව යද්දී සුඛෝපභෝගී මෝටර් රථ සහ තවත් භාණ්ඩ තොගයක් කැනේඩියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකට පටවා ඇති බව වාර්තා වනවා. ගැම්බියාවේ හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති වීමත් විශේෂත්වයක්.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් හිටපු ජනාධිපතිවරයා බලයෙන් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කළ නමුත් කලාපීය නායකයන්ගේ මැදිහත්වීම මත යාය ජමෙහ් රටින් පිටවීමට එකඟ වුණා. ඒ අනුව ඔහු පසුගිය සෙනසුරාදා රටින් පිටව ගියා.

ජනාධිපති ධුරයට අලුතින් තේරී පත්වුණු ඇඩමා බැරෝ තවමත් අසල්වැසි සෙනෙගාල් රාජ්‍යයේ සිටින අතර ඔහු ගැම්බියාවට පැමිණෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්වී නැහැ.

Leave a Reply

Your email address will not be published.