හිටි හැටියේ ත්‍රිවිධ හමුදාව තොප්පිගල පීරයි – විදෙස් රටවල් 6 කත් සහය

ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් තොප්පිගල වෙරුගල් මහ වනයේ ආරම්භ කර තිබෙනවා. ඊට යුද හමුදාවේ 2500 ක් / ගුවන් හමුදාවේ 530 / නාවික හමුදාවේ 630 ක් එක්ව සිටිනවා.

විදෙස් රටවල් හයක් නියෝජනය කරමින් භට කණ්ඩායම් 48 ක් ද ඊට එක්ව සිටිනවා. පසුගියදා හතර වනදා ආරම්භ වූ මෙම අභ්‍යාසය අවසන් වන්නේ සතුරු කදවුරකට පහරදීමෙන්. එය ලබන 20 වැනිදා සිදුවනු ඇති. විශේෂ කාර්ය බලකායට අයත් පැරෂුට් භටයින් 6 දෙනෙකු ගුවනින් සතුරු කදවුරු නිරීක්ෂණයකරමින් පතිත වූ අතර ගොඩබිමින් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 8 දෙනෙකු කණ්ඩායම් දෙකක් ලෙස ඊට එක්ව සිටිනවා.

2009 වසරේ සිදුකළ ලොව සාර්ථකම මානුෂීය මෙහෙයුමේ අදත්දැකීම් වර්ධනය කිරීම මෙහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published.