හිරගෙදර ජෝගි දැමූ දුමින්දගේ උපන්දින සාදය ගැන පරීක්ෂණයක්

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් බන්ධනාගාරය තුළ උපන්දින සාදයක් පැවැත්වුණේදැයි වාර්තාවක් කැඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසනවා. බන්ධනාගාරය තුළ විශේෂ පහසුකම් සහිත සිර මැදිරියක් ප‍්‍රභූවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන බව වන චෝදනාව  ප‍්‍රතික්ෂේප කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රැඳවූවන් රෝහල්ගත කර ගැනීමට පාදක කර ගන්නා වෛද්‍ය වාර්තා බොහෝමයක් නිවැරදි නොවන බවයි. බන්ධනාගාර රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන රැදවූවන් ගණන 250 දෙනෙකු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published.