හිරේදී වෘෂණකෝෂවල ලෙඩේට කොට්ට සහ මෙට්ට ගත් මන්ත්‍රී – හිරුනිකා – Video

බන්ධනාගාර ගත වීමෙන් පසු ඇතැම් මන්ත්‍රීවරුන් බොරු ලෙඩ කියා බන්ධනාගාර රෝහලේ සැප ගනිද්දී එක් මන්ත්‍රීවරයකු තම වෘෂණ කෝෂ පරිස්සම් කිරීමට කියා මෙට්ට / කොට්ට සහ මදුරු දැල් සපයා දී ඇතැයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී හෙළි කළා. එලෙස වෘෂණ කෝෂ මෙට්ට උඩ තබා පරිස්සම් කළ මන්ත්‍රීවරයා පිවිතුරු අයෙකු බව සදහන්.  ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරි එම මන්ත්‍රීවරයා පිහිටවූ නව පක්ෂයේ සාමාජිකත්වය ලබා ඇත්තේ ඔහු පමණක් බවයි ඇතමුන් චෝදනා කරන්නේ.

බන්ධනාගාර රෝහලේ දූෂණ ගැනත් එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලක්ෂ්මන් ජයමාන්න සහ දෙවැනියා දොස්තර මලින්ත වර්ණජිත් වනිගසිංහ විසින් සිදුකරන දූෂන ගැනත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය දීර්ඝ ලෙස තොරතුරු හෙලිකළා.

විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු උසේ තරමට බර නැතැයි කියා බොරුවට රෝහල් ගතව සිටින ආකාරයත්, පාටි සිරකාරියන්ට වෛද්‍ය ජයමාන්න ලිංගික බලපෑම් කළ ආකාරයත් හෙළිකළ මන්ත්‍රීවරිය දූෂණ ගැන ඇසූ විට බන්ධනාගාර කොමසාරිස් වරයා පොඩි දරුවෙකු සේ තමා ඉදිරියේ හඬා වැටුනු බවත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.