හිසේ පන්දුව වැදී බංග්ලාදේශ නායකයා මරණින් බේරේ – Video

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර දී පන්දුවක් හිසේ වැදීම නිසා බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මුස්ෆිකර් රහීම් රෝහල්ගත කර තිබෙනවා. නවසීලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ටිම් සව්ති යැවූ බවුන්සර් පන්දුවක්, පන්දුවට පහරදෙමින් සිටි මුස්ෆිකර් රහීම්ගේ හිස පිටුපස ප‍්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ආරක්ෂිත හිස් වැසුම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැහැ.

වෙලින්ටන් නුවර රෝහලකට ඇතුළත් කෙරුණු මුස්ෆිකර් රහීම් මෙහිදී එක්ස් කිරණ පරීක්ෂාවකට සහ ස්කෑන් පරීක්ෂාවකට ද ලක් කෙරුණා. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි නවසීලන්තයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.