හොරාගේ අම්මාගෙන් පේන අහන්න යයි

දිනෙන් දින කල් යවමින් පැවති ජාතික බැඩ්මින්ටන් නිලවරණය ලබන අගෝස්තු මස 31 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ප්‍රයිම් ලංකා වෙත වාර්ථා වනවා. කෙසේ වෙතත් නිලවරණය පැවැත්වීමට පත් කර ඇති නිලවරණ කමිටුව පක්ෂපාති එකක් බවයි විවිධ පාර්ශ්‍රවයන් චෝදනා කරන්නේ. මෙම කමිටුව පංච පුද්ගල කම්ටුවක්. එහි තිදෙනෙක් එක් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අනෙක් දෙදෙනා එක් පිරිමි පාසලක ආදි සිසුන්. මෙම පෞද්ගලික ආයතනයේ ප්‍රධානියා පසුගිය වර ලේකම් තනතුරට ඉදිරිපත්වීමට ඉල්ලුම් කරනු ලැබුවා. එහෙත් ඔහු මෙරටට ක්‍රීඩා භාන්ඩ ආනයනය කරන්නෙකු වීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙවර නිලවරණයට ඔහුට ඉදිරිපත් විය හැකි බව ඔහුගේ ආයතනයේ සේවකයින් තිදෙනෙකුද ඉගෙනුම ලැබූ පාසලේ ආදි සිසුන් දෙදෙනෙකුද සිටින මෙම කමිටුව තීරණය කළ හැකියි. එවිට අමාත්‍යවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? එනිසයි මෙමෙ කමිටුව අපක්ෂපාති කමිටුවක් නොවන බව පවසන්නේ.

සංගමයේ නිලවරණය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ පසුගිය වසර 08 ගිනුම් විගණනය නොකිරීම හේතුවෙනුයි. මේ වන විට එම කටයුතු අවසන්ව ඇති බවයි වාර්ථා වන්නේ.

One thought on “හොරාගේ අම්මාගෙන් පේන අහන්න යයි

  • September 24, 2017 at 12:16 pm
    Permalink

    I?¦ve recently started a blog, the info you offer on this web site has helped me greatly. Thanks for all of your time & work.

    Reply

Leave a Reply

Your email address will not be published.