ළමුන් දසදහසක් අතුරුදන්

පසුගිය වසර කිහිපය තුළ යුරෝපයට ඇතුළුවීමට උත්සාහ දැරූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අනවසර සංක්‍රමණිකයෝ දහස් ගණනක් යාත්‍රා පෙරලීමෙන් සහ වෙනත් හේතු නිසා මුහුදට බිලිවූණා.

ඒ අතර සිටි ළමුන් සංඛ්‍යාව ද අති විශාලවන අතර වසරකට පමණ පෙර මෙලෙස යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් මධ්‍යධරණී මුහුදු වෙරළට පාවී ආ ‘ඇලන් කුර්දි’ නමැති සිරියානු දරුවාගේ මළ සිරුර මුළු ලෝකයේම අවධානයට ලක්වුණා.

යුරෝපා සංගමයේ පොලිස් රහස් ඔත්තුසේවා අංශය වන ‘යුරෝපෝල්’ වාර්තාවලට අනුව පසුගිය වසර දෙකක කාලයක් තුළ භාරකරුවෙකු නොමැතිව යුරෝපයට අනවසරයෙන් සංක්‍රමණය වූ ළමුන් දස දහසක් පමණ අතුරුදන්වී තිබෙනවා.

එක්සත් රාජධානියේ යුනිසෙෆ් ආයතනයේ ලිලි කප්රානි පවසන්නේ මෑතකදී ප්‍රංශ රජය විසින් විනාශකරන ලද අනවසර සංක්‍රමණිකයන් දිවි ගෙවන ‘කැලේ’ නමැති සරණාගත කඳවුරේ සිටි ළමුනට සිදුවූයේ කුමක්දැයි කිසිවකු නොදන්නා බවයි.

 

Leave a Reply

Your email address will not be published.