15 කෙල්ලව 20 කොල්ලට බන්දල දීපු දෙමාපියන් හිරේට

බිබිල මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැදගම විදුහලක නවය වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් හා 20 හැවිරිදි පාසල් සිසුවකු දෙදෙනාගේම මවුපියන් හොර රහසේ නීති විරෝධීව නාමිකව පමණක් විවාහ කරදී තිබෙනවා. ඒ පිලිබද බිබිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් අනුව එම දෙදෙනාගේ මවුපියන් අත්අඩංගුවට ගැනීමටයි පියවර ගත්තේ. පොලිස් ළමා හා කාන්තා අංශය දෙමවුපියන්ව බිබිල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රේම සබදතාවක් දුරදිග යාම හේතුවෙන් දෙමාපියන් මෙම විවාහය කර දී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.