තරගය නැතුවත් සුරංගට දඩ

ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ (21) පැවැති තරගයේදී  ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේයි. තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සුරංගට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක්  එක් කිරීමටත් කටයුතු කර තිබෙනවා.

තරගයේ දෙවැනි පන්දුවාරය තුළදී සුරංග ලක්මාල් තමාට ලැබුණ පන්දුව වේගයෙන් පිතිකරු අභිබවා කඩුලු රකින්නා වෙතට යොමු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය පනවා ඇතැයි සදහන්.

දෙරට අතර පැවති තරගය වර්ශාව හේතුවෙන් අතහැර දැමුණා.

One thought on “තරගය නැතුවත් සුරංගට දඩ

  • November 22, 2016 at 6:02 pm
    Permalink

    කමක් නෑ අන්තිමට සිම්බලාටයි වින්ඩිලාටයි වැඩේ දීලා වරෙල්ලා.

    Reply

Leave a Reply

Your email address will not be published.