70 වන නිදහස් සැමරුමේදී රු.1000 ට වෙන්න යන දේ.

2018 පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබෙනවා. එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ඊයේ නිල වශයෙන් පිළිගැන්වූවා.

සමරු මුදල් නෝට්ටුවේ දිනය 2018.02.04 ලෙස සටහන් කර ඇති අතර එම නෝට්ටු මිලියන 05ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්කළා මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 04 වැනි සමරු මුදල් නෝට්ටුව බව ද පැවසෙනවා.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000/-ක වටිනාකමින් යුතු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ හා සමාන වන අතර, පහත සඳහන් වෙනස්කම් පමණක් සිදුකර ඇති බව සදහන්.

01. දැනට සංසරණයේ පවතින මුදල් නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය දිස්වේ.

02. දැනට සංසරණයේ පවතින මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා තිබේ.

03. නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ.

නෝට්ටුවේ පසුපස දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ පවතින රූප එලෙසම පවතින බවද මහ බැංකුව පවසයි.

2 thoughts on “70 වන නිදහස් සැමරුමේදී රු.1000 ට වෙන්න යන දේ.

  • February 1, 2018 at 5:26 am
    Permalink

    Today, I went to the beach with my kids. I found a sea
    shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She put the shell to her ear and screamed.
    There was a hermit crab inside and it pinched her ear. She never wants to go back!
    LoL I know this is completely off topic but I had to tell someone!

    Reply
  • February 2, 2018 at 6:00 am
    Permalink

    Wow, this post is nice, my younger sister is analyzing these things, therefore
    I am going to let know her.

    Reply

Leave a Reply

Your email address will not be published.