මුරලි ගේමක් ගැහුව ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තුල කඩුලු 21 ක් දැවී ගියා. තණතීරුව දග පන්දු යවන්නන් සදහා ඉතාම හිතකරවීම ඊට හේතුවයි. මෙහිදී රංගන හේරත් ඕස්ට්‍රේලියානු කඩුුලු දඩයමේ නිමුවා වෙද්දී ඩිල්රුවන් පෙරේරා ඔහුට අනගි සහයක් ලබාදුන්නා. මෙහිදී සිය මංගල ටෙස්ට් කඩුලු ත්‍රිත්වය දවා ගැනීමට ද රංගන සමත්වීම කැපී පෙනෙනවා. තරගය පුරා රංගන කඩුුලු පහක් දවාගෙන ඇති අතර ඩිල්රුවන් කඩුලු 6 ක හිමිකරුවායි.

කෙසේ වෙතත් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ නැංගූරම වූ ඩිල්රුවන් පෙරේරා ලකුණු 64 ක් ඉනිමට එක්කළේ කණ්ඩායමට අවශ්‍යම මොහොතකයි. මෙම තරගය පුරාම ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ ආක්‍රමණය ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට වටහා ගැනීමට හැකිවූයේ නැහැ. එහෙත් තරගාවලියට පෙර මෙරටින් බිහිවූ හොදම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ දග පන්දු යැවීමේ සහ ඔවුන්ට මුහුණදීමේ උපදේශකත්වය යටතේ ඕස්ට්‍රේලියාව දින 10 විශේෂ පුහුණුවකද නිරත වුණා. මේ අනුව මුරලිගේ උපදේශකත්වයත් විචාරකයන් මේ වන විට ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබෙනවා. ඊට එංගලන්ත සංචාරයේදී සියළු තරග පරාජයට පත්ව පැමිණ සිටි ශ්‍රී ලංකාව දුර් වල කණ්ඩායමක් ලෙස තරගාවලියට පෙර තක්සේරු වී තිබීමත් බලපා ඇති කරුණක්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළුදෙනා දැවී ලකුණු 281 ක් ලබාගත්තා. ඔස්ට්‍රේලියාව පළමු ඉනිම ලකුණු 106 කට සීමාවුණා. ශ්‍රී ලංකාව දෙවන ඉනිම සදහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 237 ක්. මේ වන විට ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම සදහා ලකුණු 25 ක් ලබා සිටින්නේ කඩුලු 3 ක් බිද වැටීයි. මේ අනුව තරගයේ ජයග්‍රාහණය සදහා ඔවුන් තවත් ලකුණු 388 ක් ලබාගත යුතු වනවා. එහෙත් ශ්‍රී ලංකාවට ජයග්‍රාහණය සදහා ලබාගත යුත්තේ කඩුලු 7 ක් පමණයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ හෙට තුන්වන දිනයයි.

One thought on “මුරලි ගේමක් ගැහුව ?

  • August 6, 2016 at 8:05 am
    Permalink

    මුරලි ලංකාවට කල සේවය කවදාවත් අවතක්සේරු කල නොහැකියි. මුරලි ඔස්ට්‍රේලියාවට උපදෙස් දීමේ වරදකුත් නැහැ. නමුත් පළමුවැනි ටෙස්ට් තරගයට පෙර ඔහු කිව්වා ඔස්ට්‍රේලියාව දවස් තුනකින් මැච් එක ඉවර කරනවා කියා. මුරලි ඔස්ට්‍රේලියාව ගැන කර තිබුණු ඒ අධිතක්සේරුව පුස්සක් වුනා. මුරලි පාඩමක් ඉගෙනගත්තා.

    Reply

Leave a Reply

Your email address will not be published.