සනත්ව පක්ෂෙන් නෙරපුවේ විදෙස් කුමන්ත්‍රණයකටලු – මහින්ද

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිෂාන්ත ඇතුළු පිරිසකට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ජාත්‍යන්තර  බලපෑමක් නිසා සිදුවූවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මාතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. මෙම තීරණ නාමික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාවක් ලෙස දකින බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.

මෙය සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ පළමු පියවර බවද මහින්ද යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.

 

මේ අතර පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. විශේෂයෙන් ඔවුන් විවිධ ස්ථානවලදී සිදු කළ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ.

මෙම විමර්ශනවල අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට සැළසුම් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට සුදුසු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published.