ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියෙන් ඓතිහාසික ජයක් MAS ට

ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය කොළඹදී නිමාවට පත්වුණා. කාන්තා පිරිමි තරග අංශ විස්සක් යටතේ පැවැත්වූ මෙම තරගාවලියෙන් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට MAS ආයතනයේ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. ඒ තරග ඉසව් විස්සෙන් එකොළහක රන් පදක්කම් දිනා ගනිමින්. ඊට අමතරව තවත් තරග ඉසව් හතරකින් රිදී පදක්කම් දිනා ගැනීමටත් ඔවුන්ට හැකිවුණා.

තරගාවලිය දින පහක් පුරා පැවැත්වූ අතර ඒ සදහා බොක්සිං ක්‍රීඩකයින් 93 ක් සහ ක්‍රීඩිකාවන් 49 ක් තරග වැදුණා. ඒ ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින්. තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම රන් පදක්කම් තුනක් දිනා ගත්තා. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ හෙළ ක්ලෝදින් කණ්ඩායම රන් පදක්කම් දෙක බැගින් දිනා ගත්තා. තරගාවලියේ අනෙක් රන් පදක්කම් දෙක බෙදී ගියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමටයි.

MAS ආයතනය නියෝජනය කරමින් කිලෝ ග්රෑම් 64 බර පන්තිය යටතේ ක්‍රීඩා කළ දිනිදු සපරමාදු තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා. MAS ආයතනයේම කේෂානි හංසිකා හොඳම බොක්සිං ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවා. ඇය නියෝජනය කළේ කිලෝ ග්රෑම් 60 බර පන්තියයි.

MAS කණ්ඩායම මෙවර ලේට්න් කුසලාන තරගාවලියේදී තරග ඉසව් විස්සෙන් ඉසව් එකොළහක රන් පදක්කම් දිනා ගැනීම පිලිබද පුහුණුකරුවන් පැවසුවේ මෑතකදී නව දැක්මක් සහිතව MAS බොක්සිං කණ්ඩායම තුල සිදුකල උපාය මාර්ගික වෙනස්කම් මෙම සුවිශේෂ ජයග්‍රහණයට හේතු වූ බවයි. ඒ තුලින් තම කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින්ට තම දක්ෂතා තවත් වැඩිදියුණු කර ගනිමින් ජයග්‍රහණ කරා යාමට හැකිවූ බවත් පැවසුවා. ඒ සදහා එක් උදාහරණයක් ලෙස ඔවුන් දැක්වූයේ ගයාන් සංජීව ජයවීර නොකඩවා හතරවන වරටත් තම බරපන්තියේ රන් පදක්කම දිනා ගැනීමයි. එසේම කණ්ඩායමට එක්කල නවක ක්‍රීඩකයන්ද මෙම තරගාවලියේදී ප්‍රබල ප්‍රතිවාදීන් සමග තරග කර ජයග්‍රහණ ලබා ගැනීමත් විශාල පෙරලියක් බව පුහුණුකරුවන් පැවසුවා.  වයස අවුරුදු 23 ක් වන දිනිදු සපරමාදු කිලෝ ග්රෑම් 64 බර පන්තියෙන් රන් පදක්කම දිනා ගනිමින් හොදම බොක්සිං ක්‍රීඩකයා ලෙස ලේට්න් කුසලානය දිනා ගැනීම ඊට හොදම නිදසුනයි. තවද 20 වන වියේ පසුවන යූ.ජී. නුවන් කුමාර අමරවංශ කිලෝ ග්රෑම් 56 බර පන්තියෙන් රන් පදක්කම දිනා ගැනීමත් ඊට ඇතුලත්.

එසේම කිලෝ ග්රෑම් 75 බර පන්තියෙන් ක්‍රීඩා කළ වයස අවුරුදු 23 ක් වන ප්‍රදීපිකා අතපත්තු ක්‍රීඩිකාව සාග් බොක්සිං තරගාවලියේ රිදී පදක්කම් ලාභී ඒ.ඒ. නිලන්ති ක්‍රීඩිකාව පරාජය කරමින් ලබාගත් ජයග්‍රහනයත් ඒ අතරට එක්වන බවයි ඔවුන් පැවසුවේ. මේ අනුව දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමග තරගකාරී කණ්ඩායමක් හදුන්වාදීමෙන් මෙරට බොක්සිං ක්‍රීඩාවේ අනාගතය ජයග්‍රාහී තලයකට රැගෙන ඒමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

තරගාවලියේ සියලුම ඉසව්වල ඡයාරූප පහත දැක්වේ.

b no 1

B NO 2

B NO 3

B NO 4

B NO 5

B NO 6

B NO 7

B NO 8

B NO 9

B NO 10

B NO 11

B NO 12

B NO 13

B NO 14

B NO 15

B NO 16

B NO 17

B NO 18

B NO 19

B NO 20

B BOXER

BE BOXER WOMEN

B BOXER MEN WOMEN

B LOOZER MEN AND WOMEN

B BOXER LEFT BEST LOOZER RIGHY

BEST BOXER RIGHT BEST LOOZER LEFT

_DSC5734

Leave a Reply

Your email address will not be published.