ශ්‍රී ලංකාවට පලදුන් අපලය

සංචාරක ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සහිතවයි තරගයට පිවිසියේ. ඒ වේග පන්දු යවන නවක ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවමින්.

මේ අනුව පළමු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සබදතාව ලකුණු දෙකකට සීමාවුණා. කිසිදු ලකුණුක් නොලබාම කෞෂාල් සිල්වා කඩුල්ල පූජා කළේ පන්දු පහලොවකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. තරගාවලියේ පළමු තරග දෙකේ ඉනිම හතර තුලදීම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සබදතාව හතක් වීමට පෙර දවා ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්ව තිබෙනවා. කෞෂාල් සහ දිමුත් කරුණාරත්න තරගාවලියේ ඉනිම හතරේදීම එක් ක්‍රීඩකයකු වාර් තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව හතක් ලෙසයි සටහන්ව ඇත්තේ. දෙවන ටෙස්ට් තරගය අවසානයේ නායක ඇන්ජලෝ කියා සිටියේ ආරම්භක පිතිකරුවන් වෙනස් කිරීමට තුන්වන තරගයේදී බලාපොරොත්තු වන බවයි. එහෙත් තේරීම් කමිටු බලපෑම් මත එය මෙම තරගයේදීත් සිදුකිරීමට නායකයාට හැකිවූයේ නැහැ. මේ අනුව කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී යලි සුපුරුදු රිද්මයට අවතීරණ වීමේ විශාල වගකීමක් ආරම්භක පිතිකරුවන්ට පවතිනවා.

Leave a Reply

Your email address will not be published.