මැහුම් 6 ක් දමාගෙන ගැසූ ශතකය

සංචාරක ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ශතකයක් වාර් තා කිරීමට කෞෂාල් සිල්වා සමත්වුණා. මෙම තරගාවලිය පුරාම අසමත් වූ ඔහු ආරම්භක පිතිකරු ලෙස තවදුරටත් තබාගත යුතු නැති බවයි විචාරක මතය වුණේ. එහෙත් තවත් අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව පියවර ගත්තා. එහෙත් තරගයේ පළමු ඉනිමේදී ද ඔහු කිසිදු ලකුණක් ලබා නොගෙනම පිටියෙන් ඉවත්වුණා.

දෙවන ඉනිමට පිටියට පිවිසීමට කෞෂාල් සිල්වාට සිදුවුනේ වම් අතට දැමූ මැහුම් හයක තුවාලයක්ද සමගයි. ඒ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ පන්දු රැකීමේ නිරතව සිටියදී පන්දුව වැදීමක් හේතුවෙනුයි. මෙම තුවාලයේ වේදනාවත් අසාර් ථකත්වයේ පීඩනයත් ජය ගනිමින් ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍යම වේලාවක ශතකයක් රැස්කිරීමට සමත්වුණේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විමතියට පත්කරමිනුයි. කෞෂාල් දැවී ගියේ ලකුණු 115 ක් ලබාසිටියදීයි. චන්දිමාල් ලකුණු 43 යි. ධනංජය සිල්වා නැවතත් පිතිකරණ හැකියාව පෙන්වමින් ලකුණු 44 ක් ලබා සිටින්නේ නොදැවී කඩුල්ලේ රැදී සිටිමින්. මේ අනුව ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු අටක් දැවී ලකුණු තුන්සිය දොලහක් ලබා සිටිනවා. එය ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු දෙසිය අසූ අටක් ඉදිරියෙන් සිටීමක්. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු තුන්සිය පනස් පහයි. ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 379 යි. කොළඹ එස් එස් සී ක්‍රිකට් පිටියේ පැවැත්වෙන තරගයේ හෙට අවසන් දිනයයි.

Leave a Reply

Your email address will not be published.