දෙපා ඇතිවුන් සමග දුවන්න ඔලිම්පික් ධාවන පථයට ආ දෙපා නැති මිනිසා

අපිට කණගාටුයි ශෙයිලා.. දරුවට තියෙන්නෙ හොදකරන්න බැරි ලෙඩක්. ඒකට කියන්නෙ  fibular hemimelia කියලයි.

අනේ ඩොක්ට පුතාගෙ කකුල් දෙක සනීප කරන්න කිසිම ක්‍රමයක් නැද්ද ? අම්ම කෙනෙකුගේ සෙනහස දෝරේ ගලා ගිය ඒ වචන ටික හෙන්කෙ ගෙ මුවින් ගලා ආවේ නිරායාසයෙන්.

සමාවෙන්න හෙන්කෙ. අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. දරුව ලොකු වෙන්න කරලින් මේ කකුල් දෙක අයින් කරන එකයි හොද. එතකොට එයා විකල්පයකට පුරුදු වෙයි.

අනේ ශෙයිල මගෙ පුතා..

මේ දෙබස අහන්න ලැබෙන්නෙ 1987 වසරේ දිනයකයි. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර් ග් නගරයේ උපත ලැබූ ඔස්කාර් ට මේ අනුව මාස එකොලහක් වෙද්දී සිය දෙපා අහිමිව යනවා.

ඔස්කා දෙපා අහිමි දරුවෙක් වුවත් ඔහු අනෙක් දරුවන්ගෙන් වෙන්වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු හැමවිටම උත්සාහ කළේ ආබාදයක් නොමැති බව පෙන්වන්නටයි. මේ හේතුවෙන්ම ඔහු පාසලේ රග්බි කණ්ඩායමේ සාමාජිකයකු බවට පත්වනවා.

එහෙත් රග්බි පිටියේ සිදුවන දරුණු ආබාදයක් හේතුවෙන් යලි රග්බි පිටියට නොයන්නයි ඔස්කා තීරණය කරන්නේ. අම්මෙ මම ආයෙත් රග්බි ගහන්න යන්නෙ නෑ.

මම කී පාරක් කිව්වද පුතේ ඔය සෙල්ලම් වලට යන්න එපා කියල. දැන්වත් පුතාට තේරුණ එක හොදයි.

සිහිනයක් අතහැරිය යුත්තේ තවත් සිහිනයක් අල්ලා ගැනීමෙන් පමණයි යන්න තරයේ විශ්වාස කරන මේ කොලු ගැටයා රග්බි පිටියට සමුදෙන්නේ මලල ක්‍රීඩාවට යොමුවෙන්න හිතාගෙනයි. ඒ අනුව මීටර් 100 / 200 සහ 400 ඉසව් සදහා ඔහු පුහුණුවීම් ආරම්භ කරනවා.

ඒ සදහා අවශ්‍ය කෘතිම පාද දෙකක් දේශීය ඉන්ජිනේරු මිතුරකු නිපදවා දුන්නද එය පැලදිය හැකිවුනේ එක දවසක් පමණයි. එය කැඩී යනවා. අනතුරුව හිමිවන බ්ලේඩ් වැනි කෘතිම දෙපා යුගල ඔහුව දකුණු අප්‍රිකාවේ දෙපා අහිමි ධාවකයින් අතර පළමු ස්ථානයේ තැබීමට අවශ්‍ය ශක්තිය ඔස්කාට ලබාදෙනවා.

ඒ අනුව පිටියට පිවිසි පළමු වසර වූ 2004 වසරේදීම පැරා ඔලිම්පික් වරම් දිනා ගන්නා ඔස්කා ප්‍රිස්ටෝරියස් නම් මෙම ධෛර් යවන්ත ක්‍රීඩකයා මීටර් 200 ඉදව්වේදී රන් පදක්කමත් මීටර් 100 ඉසව්වේදි ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා.

එතැන් සිට නතර කිරීමට නොහැකි වූ බ්ලේඩ් රනර් ලෙස විරුධාවලිය ලත් ඔස්කා 2008 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී මීටර් 100 / 200 සහ 400 යන ඉසව් තුනේම රන් පදක්කම් වලින් සිය ගෙල සරසා ගන්නවා.

කෙසේ වෙතත් ඔස්කා 2005 වසරේ සිටම ආබාද නොමැති ක්‍රීඩකයින් සමග ද තරග බිමට පිවිස සිටිනවා. මේ අනුව 2008 ඔලිම්පික් උළෙලට ඔහුව දකුණු අප්‍රිකානු බලධාරීන් ඇතුලත් කරනු ඇතැයි විශ්වාස කළත් එය සිදුවන්නේ නැහැ. ඒ ඔහුගේ කෘතිම පාද මගින් අමතර වාසියක් මීටර් 400 ඉසව්වේදී ඔහුට හිමිවන බව පවසමිනුයි. මෙම තීරණය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ තීරණයකට අනුව ගත්තක් බවත් දකුණු අප්‍රිකා බලධාරීන් පවසනවා.

කකුල් නැති මිනිසකු කකුල් ඇති ධාවකයින් පැරදවීම දරාගත නොහැකි වූ පිරිසක් මෙය සිදුකරන බවයි ඔස්කා කියා සිටියේ. සම අයිතීන් වෙනුවෙන් හඩ නගමින් ඔස්කා ජාත්‍යන්තර ක්‍රීඩා අධිකරණයේ නඩුවක් ගොනු කරනවා. දින දෙකක කරුණු විමසීමෙන් අනතුරුව ලුසෑන් හි අධිකරණය තීරණය කරන්නේ ඕනෑම ක්‍රීඩකයකුට සම අයිතිය තිබිය යුතු බවයි. මේ අනුව ආබාද නැති අය සමග තරග බිමට පිවිසීමේ අවස්ථාව ඔහුට හිමිවනවා. ආබාද නැති පුද්ගලයින් තරග වදින ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ආබාද සහිත ක්‍රීඩකයා වන්නට ඔස්කා ප්‍රිස්ටෝරියස්ට හැකිවන්නේ මේ අනුවයි.

2012-olympics

එහිදී පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුනත් ඔස්කා ප්‍රිස්ටෝරියස් යනු ක්‍රීඩා ලෝකය වෙනස්කල තවත් ක්‍රීඩකයෙක් ලෙස සදාකාලිකව ලියවී ඇති බව අවිවාදාත්මකයි. සිය පෙම්වතියව පෙම්වතුන්ගේ දිනයේදී ඝාතනය කිරීම හේතුවෙන් සිර දඩුවම් නියමව සිටින ඔස්කා ප්‍රිස්ටෝරියස් නිදහස් වූ දිනයට කුමක් කරනු ඇත්දැයි ලොවක් බලා සිටිනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published.