මීලගට කූඩුවට දාන්නේ ගෝඨා – රාජිත (වීඩියෝ )

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූයේ මිග් ගණුදෙනුව පිලිබද කළ අනාවරණය හේතුවෙන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මාතර පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ එක් මිග් යානයකින් යූරෝ මිලියන හතයි දශම පහක වංචාවක් සිදුකර ඇති බවයි. ඒ අනුව එක් මිග් යානයක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන එක්දහස් දෙසීයයකට අධික මුදලක් වංචා කර තිබෙනවා. එය සිදුකර ඇත්තේ හොර ගිවිසුමක් ඉදිරිපත් කිරීමෙන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම හෙලිදරව් කිරීම නිසා රණවිරුවන් බව කියන රාජපක්ෂලාට හෙට අනිද්දා සිදුවන දේ බලාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. එම පරීක්ෂණ කටයුතු වල අවසන් භාගයේ සිටින බවයි අමාත්‍ය රජිත සේනාරත්න මහතා පැවසුවේ. අමාත්‍යවරයාගේ අදහස් පළකිරීම පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published.