නිදහස් පක්ෂ සම්මේලනය ඒකාබද්ධය මග හරී ?

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දින කිහිපයකින් ප‍්‍රමාද කිරීමට එ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල සාමාජිකයන් කැඳවා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි මෙහිදි තීරණය වී තිබෙන්නේ. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රභලයකු කියා සිටියේ ආසන සංවිධායකවරුන් ඉවත්කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස පක්ෂ සම්මේලනයට නොයා සිටීමට මේ වන විටත් තීරණය වී ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතා ද ඒ වන විට විදෙස් සංචාරයක නිරතව සිටීම ඒ සදහා අමතර සහයක් බවයි එම ප්‍රභලයා ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ.

One thought on “නිදහස් පක්ෂ සම්මේලනය ඒකාබද්ධය මග හරී ?

  • August 23, 2016 at 6:14 pm
    Permalink

    නිදහස් පක්ෂ සම්මේලනය ඒකාබද්ධය මග හරී නෙවෙයි. ඒකාබද්ධය නිදහස් පක්ෂ සම්මේලනය මග හරී

    Reply

Leave a Reply

Your email address will not be published.