කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගත්තේ තවත් ව්‍යාපාරිකයෙක් ?

නාදුනන පිරිසක්‌ විසින් පෙරේදා (21 දා) රාත්‍රී සිය නිවස ඉදිරිපිටදී බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික 29 හැවිරිදි සුලේමාන් නමැත්තකු පැහැරගෙන තිබෙනවා. මහා පරිමාණයෙන් රෙදි ආනයනය කර විකිණිමේ ව්‍යාපාරයක්‌ කර ගෙන ගොස්‌ ඇති බව කියන සුලේමාන් පදිංචිව සිට ඇත්තේ බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි නිවසකය.

රෙදි ව්‍යාපාරයට සම්බන්ධව තවත් ව්‍යාපාරිකයකුගෙන් සුලේමාන්ට රුපියල් කෝටි හතරක මුදලක්‌ අයවිය යුතුව තිබී ඇති අතර එම මුදල් ලබානොදී එම ව්‍යාපාරිකයා මගහැර ගොස්‌ තිබූ බවද පරීක්‌ෂණවලින් හෙළිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුලේමාන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්‌ද කර ඇතැයි සදහන්. ව්‍යාපාරිකයා පැහැරගෙන යෑම සහ එම ගණුදෙනුව අතරද කිසියම් සම්බන්ධයක්‌ තිබේ දැයි පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

සුලේමාන් සිය මිතුරකුද සමඟ බම්බලපිටියේ රාත්‍රි අවන්හලකින් ආහාර ගෙන සිය බිරිඳටද ආහාර ලබාගෙන පෙරේදා (21) රාත්‍රි  ආපසු නිවසට එන්නට පිටත් වී තිබෙනවා. මිතුරා අතරමග දී වාහනයෙන් බැස ගොස්‌ ඇති අතර සුලේමාන් බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඒමට පිටත්ව ඇතැයි සදහන්. නිවස අසලට පැමිණි ව්‍යාපාරිකයා සිය බිරිඳට දුරකථන ඇමතුමක්‌ ලබාදී දොර විවෘත කරන ලෙසද පවසා ඇති අතර බිරිඳ නිවසේ දොර විවෘත කරද්දී නිවස අසළ නවතා තිබූ තවත් වාහනයක්‌ එකවරම පිටව ගොස්‌ තිබෙනවා.

ඒ අවස්‌ථාවේ සුලේමාන් වාහනයේ සිට නැති අතර ලේ පැල්ලම් කීපයක්‌ එම ස්‌ථානයේ වැටී තිබුණා. ඔහුගේ ජංගම දුරකථනය සහ මෝටර් රථයේ යතුරද නාඳුනන පිරිස විසින් පැහැරගෙන ගොස්‌ ඇති බව පොලිසිය පවසනවා.

පැහැරගැනීම පිලිබද පොලීසිය පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.