වෛද්‍යවරු වැඩ වරති – ඔවුන්ගේ දරුවන් පමණද දරුවන් අමාත්‍යාංශය අසයි

මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවල වෛද්‍යවරුන් හෙට (15) සංකේත වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පෙරවරු 8.30 සිට පැය 4 ක් මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතයි.

සිය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී පවතින අපහසුතා පිළිබඳ මෙහිදී ආණ්ඩුවට විරෝධය පළ කරන බවයි රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු විකෘති කර දක්වමින් ජනතාව නොමග යවන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ශී‍්‍ර ලංකාවේ ජාතික පාසල් 352 ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඞ්, මහාමායා, උසස් බාලිකා කුරුණෑගල, මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12 ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස යැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එ් අනුව එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාවරය වන්නේ. රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් පමණද දරුවන් යැයි අධ්‍යාපන අමාත්‍යාංශය විමසනවා. එලෙස ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකළහොත් ඉවත්වන්නට සිදුවන්නේ සාමානය ජනතාවගේ දරුවන්ටයි.

සියළු දේ වෛද්‍යවරුන්ට ලැබිය යුතුයි යන මතයේ සිට කටයුතු කරන වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෑම දිනකම සිදුකළේ සිය අවශ්‍යතා ඉටුකර ගැනීමයි. මෙලෙසම සෙසු වෘත්තීන්ද පාරට බැස සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට පියවර ගතහොත් මෙරට අවුල් ජාලාවක් වීම වැලැක්වීමට නොහැකි වනු ඇති.

Leave a Reply

Your email address will not be published.