දඹ රන් වැසිකිලියක් මහජනතාවට විවෘත කරයි

නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරය තුළ දඹ රන් වැසිකිලියක් මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකි මෙම වැසිකිලි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘ඇමරිකා’ නමින්.

Twitter

මෙය ‘නිගරු භාණ්ඩයක්’ ලෙසටයි කෞතුකාගාරය විසින් විස්තර කොට ඇත්තේ.

Maurizio Cattelan at the Guggenheim Museum in April this year නිර්මාණය ආර්ථික සමානාත්මතාවය පිළිබඳව ඉඟියක් ලබාදෙන බවයි මෞරිසියෝ කැටිලාන් පවසන්නේ.

ගුගන්හයිම් කෞතුකාගාරයේ පෙර පටන් පැවතී ‘සෙරමික්’ වැසිකිලි පෝච්චියක් ඉවත් කර මෙම රත්රන් වැසිකිලි පෝච්චිය සවිකර තිබෙනවා. කෞතුකාගාරය නැරඹීම සඳහා මුදල් ගෙවා ඇතුල්වන ඕනෑම අයෙකුට මෙම වැසිකිළිය පාවිච්චි කොට ‘ෆ්ලෂ්’ කිරීම ද කල හැකියි.

සියයට එකක් පමණ වන සුළු පිරිසකට හිමිවී ඇති සුඛෝපභෝගී භාණ්ඩයක් සාමාන්‍ය ජනතාවටත් පරිහරණය කිරීමට අවස්තාව ලබා දීම මෙහි අරමුණ බව බලධාරීහු පවසනවා. ඉතාලියේ මිලාන් හි වෙසෙන 55 වියැති මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් මතභේදයට තුඩුදෙන නිර්මාණ කරන්නෙක් ලෙස ප්‍රකට වී සිටින අතර දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ උල්කාෂ්මයක් වැදී බිම වැටී සිටින ආකාරය දැක්වෙන ‘නමවැනි පැය’ නම් නිර්මාණය එවැන්නක්.

Leave a Reply

Your email address will not be published.