O/ L අසමත් වුවත් A/L වරම්

සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. “සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ”ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් 15ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීමට ගොඩනැඟිලි ආධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට  මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා කියා සිටියා. ඔහු පැවසුවේ පාසලේ එක ශ්‍රේණියට ඇතුළුවන ළමයෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී අමාත්‍යවරයා පිළිතුරු ලෙස කියා සිටියා. මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළ‍මයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් ‍පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇති.

මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණා. එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය වුණා. එසේම ගණිතයට ලබාගන්නා සාමාර්ථයට අනූව උසස්පෙළ විද්‍යා, කලා හා වාණිජ විෂයයන් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබුණා.

One thought on “O/ L අසමත් වුවත් A/L වරම්

Leave a Reply

Your email address will not be published.