වැසිකිලි සෝදන්නකු ලොව හොදම පාපන්දු ක්‍රීඩකයා වූ හැටි

දකුණු අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩක Ramos do nascimento හා Celeste arantes ගේ වැඩිමහල් දරුවා ලෙස එඩ්සන් උපත ලබනවා. ඔහුට පවුලේ සුරතල් නාමය ලෙස භාවිත කරන්නේ ඩිකෝ යන්නයි.

ඩිකෝ අදත් පාසල් ගියෙ නෑ නේද ?

අනේ අම්ම මම ගියා…..

බොරු කියන්න එපා. මට ආරංචියි ෆුට්බෝල් ගගහ හිටිය කියල.

කව්ද ඔය බොරු කියන්නෙ අම්මට…

මෙහෙම ගියොත් ඩිකෝ ඔයාට යන කල දසාව මොකක්ද ? බලන්න තාත්ත මහන්සි වෙන විදිහ. මම කැමති නෑ තාත්තට වුන දේ ඔයාට වෙනව දකින්න. කරුණාකරල ඩිකෝ ඔය ෆුට්බෝල් ගැහිල්ල නවත්වන්න.

ඩිකෝගේ පියා එවකට සිටි හොදම පාපන්දු ක්‍රීඩකයකු වුවත් ඔහු තරගයක් අතරතුර ආබාදයකට ලක්වනවා. ඒ හේතුවෙන් පාපන්දු පිටියට සමුදීමටයි ඔහුට සිදුවන්නේ. එහි ප්‍රතිපලය වන්නේ පවුලේ ආදායම අහිමි වීමයි. මේ හේතුවෙන් ඩිකෝ මෙලෙව එලිය දකින විට පියා වැසිලිකි පිරිසිදු කරන්නෙක් ලෙස සේවය කරනවා. මව අමතර ආදායමක් ඉපයීම සදහා සුදු ජාතික නිවස්වල මෙහෙකාර සේවය සිදුකරනවා.

pele_0

මෙම පරිසරයේ හැදී වැඩෙන ඩිකෝ පාපන්දු ක්‍රීඩාවට දක්වන්නේ මහත් ඇල්මක්. පියාගේ ජානමය හැකියාවද සමගින් ක්‍රීඩකයින් මුලා කරමින් පාපන්දුව දැල වෙත ගෙනයන්නට ඩිකෝ සමත්වන්නේ විජ්ජාකාරයකු ලෙසයි.

මෙලෙස හැදී වැඩන ඩිකෝ ඇතුලු කොලු නඩේට නගරයේ පාපන්දු තරගාවලියක් පැවැත්වෙන බව ආරංචි වනවා. ඒ සදහා ඩිකෝ ප්‍රමුඛ කණ්ඩායම එක්වන්නේ පාවහන් රහිතවයි. ඒ දුප්පත්කම නිසා පාවහන් මිලදී ගැනීම ඔවුන්ට සිහිනයක්ව තිබූ යුගයක්.

එම තරගාවලියේදී ඩිකෝ ඇතුලු කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. එහෙත් කණ්ඩායම හැදින්වීමට භාවිත කරන නම වන්නේ පාවහන් රහිත පාපන්දු කණ්ඩායම ලෙසයි. මෙම අවමානය නොමැතිව අවසන් තරගයට පිවිසීමට ඩිකෝ ඇතුලු කණ්ඩායම දුම්රියෙන් එන රට කජු මලු සොරකම් කරනවා. එම මුදලින් පාවහන් මිලදී ගන්නා ඔවුන් අවසන් තරගයට එන්නේ කණ්ඩායමේ නම නැවත සිතීමට විචාරකයින්ට ඉඩ දෙමින්.

pele-bicycle-kick-1443839452-800කෙසේ වෙතත් මීට පෙර පාවහන් ඇතුව ක්‍රීඩා කරන නැති මේ කණ්ඩායම පාවහන් හේතුවෙන්ම අමාරුවේ වැටෙනවා. අවසානයේ තරගය අතරතුරම පාවහන් ගලවා යලි තරගයට පිවිසෙන විටත් ජයග්‍රහණය කිරීමට තරම් කාලයක් ඉතිරිව තිබුණේ නැහැ. මේ හේතුවෙන් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවනවා.

මෙම තරගය නැරඹූ එවකට එම පලාතේ සිටි ප්‍රධාන පාපන්දු පුහුණුකරු ඩිකෝව කණ්ඩායමට ලබාදෙන ලෙස පියාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙත් ඊට දැඩිලෙස මව විරෝධය පළකිරීම හේතුවෙන් ඩිකෝට සැන්ටෝස් පාපන්දු කණ්ඩායමට එක්වීමට තිබූ අවස්ථාව ගිලිහී යනවා.

මේ අතර මිතුරකුගේ අභාවය හේතුවෙන් දැඩි ලෙස මානසිකව වැටී සිටින ඩිකෝ පියාගේ සහයට වැසිකිලි පිරිසිදු කරන්නකු බවට පත්වනවා. ඒ අතරතුර හිමිවන කාලයේදී පියා ඩිකෝට පාපන්දු තාක්ෂණය කියා දෙනවා. කෙසේ වෙතත් කොල්ලන් සමග පාපන්දු ක්‍රීඩා කිරීමට ඩිකෝ නොයන්නේ මව පුදුමයට පත්කරමින්.

මෙලෙස ඩිකෝ දුකින් සිටීම වාවාගත නොහැකි තැන මව සැන්ටෝස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර ලබාදීමට තීරණය කරනවා.

ඩිකෝ බලන්න කවුද මේ ඇවිත් ඉන්නෙ කියල.

හානේ මේ ඉන්නෙ කොච්නෙ.

ඔයා කැමතිනම් පාපන්දු ක්‍රීඩා කරන්න එක්කගෙන යන්නයි ඇවිත් ඉන්නෙ.

අම්ම කැමතිද මෙම පාපන්දු ක්‍රීඩා කරනවට.

ඔව්. ඔයා අපේ පවුලට ආඩම්බරයක් වෙයි කියල මම හිතනව.

මේ විදිහට පාපන්දු කණ්ඩායමට එක්වන ඩිකෝට පාසල් මිතුරන් හැදින්වූ පේලේ යන අන්වර් ත නාමය යලි පටබැදෙන්නට පටන් ගන්නවා. කණ්ඩායමේ සිටින යෙවුන්ම ක්‍රීඩකයා බවට පත්වන පේලේ එතැන් සිට කණ්ඩායමේ ජයග්‍රාහණයේ නියමුවා බවට පත්වන්නේ සියල්ලන්ම පුදුමයට පත් කරමින්.

මේ කොල්ල බෝලය කකුලෙ අලෝගෙනද කොහෙද ? විජ්ජාකාරයකුට මිසක් කාටවත් මෙහෙම ගෝල් ගහන්න බෑ. මේ පේලේ ගැන ඇහෙන කථා.

මේ අතරවාරයේ ඔහුගේ සුපිරි හැකියාව හේතුවෙන්ම වයස අවුරුදු 16 දීම ජාතික පාපන්දු කණ්ඩායමට එක්වීමට ඔහුට හැකිවනවා. පේලේගේ පළමු ජාත්‍යන්තර පාපන්දු තරගය වන්නේ 1957 දී ආජන්ටිනාව සමග පැවති තරගයයි. මෙම තරගයේදී ගෝලයක් වාර් තා කරමින් ජාත‍්‍යන්තර පාපන්දු තරගය ගෝලයක් වාර් තා කළ යොවුන්ම ක්‍රීඩකයා බවට පත්වන පේලේ ගෝල දෙකට එකක් ලෙස තරගයේ ජය සිය කණ්ඩායමට දිනා දීමට සමත්වනවා.

pele_1

1958 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක ශූරතාවයට නම් කළ දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාමාජිකයකු වන පේලේ කණ්ඩායම අවසන් තරගයට කැදවාගෙන ඒමට ලබාදෙන්නේ විශාල දායකත්වයක්. වයස අවුරුදු 17 ක් වන මේ කොලු ගැටයා ලොව මවිත කරමින් පාපන්දු ලෝක කුසලානයට යලිත් දකුණු අප්‍රිකාවට දිනා දීමට සමත්වන්නේ අවසන් තරගයේදී කිසිවකුට පරාජය කළ නොහැකි වනු ඇතැයි කියූ ස්වීඩන් කණ්ඩායම පරාජය කරමිනුයි.

ලොව මෙතෙක් ලෝක කුසලානයක් ක්‍රීඩා කළ යොවුන්ම පාපන්දු ක්‍රීඩකයා / එහිදී ගෝල ලබාගත් යොවුන්ම ක්‍රීඩකයා සහ අවසන් තරගයේ ගෝල ත්‍රිත්වයක් වාර් තා කළ යෙවුන්ම ක්‍රීඩකයා යන වාර් තා සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමටත් ඔහු සමත්වනවා.

එතැන් සිට පිට පිට ලෝක කුසලාන තරගාවලි තුනක ජය සිය රටට දිනාදීම වෙනුවෙන් ක්‍රීඩා කළ පේලේ නම් එදා මෙදාතුර බිහිවූ ලොව අසහාය පාපන්දු ක්‍රීඩකයා අපට කියා දෙන්නේ අප්‍රතිහත කැපවීමේ පාඩමයි. අරමුණක් කරා ගමන් කිරීමට එල්ලවන භාධා ශක්තියක් කරගනිමින් ඉලක්කය කරා යායුතු ආකාරය ද ඔහු ලොවට කියා දී තිබෙනවා.

One thought on “වැසිකිලි සෝදන්නකු ලොව හොදම පාපන්දු ක්‍රීඩකයා වූ හැටි

  • October 7, 2016 at 3:06 pm
    Permalink

    he is from Brazil, not south africa

    Reply

Leave a Reply

Your email address will not be published.