චිලීව අත්අඩංගුවට ගනී

නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පසුගියදා තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.

එම පැමිණිල්ලට අනුව චිලී තලංගම පොලීසියට භාර වූ පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

chilli-1  සිසිර ලාල් මහතාට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ දිව පැලී ඇති අතර මැහුම් දෙකක් යොදා තිබෙනවා. 171 මාර්ග අංක විදේශ සේවා කොටුව බස් මාර්ගයේ පෞද්ගලික බස් රියැදුරෙකු වශයෙන් සේවය කළ හෙතෙම පවසන්නේ දිනපතා වැටුපට රාජකාරි කළ තමන්ට ඉතිරි කළ යමක් නොමැති බවයි. ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගනිමින් සිටී.

කෙසේ වෙතත් පහරදීමට සත්‍ය හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලීසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published.