මියගිය ඉෂාන් ගෙදර එයි

මහ මුහුද මැද අනතුරකින් මියගිය බව  කියන ධීවරයෙකු සම්බන්ධයෙන් ලැබුන වැරදි පණිවුඩයක් හේතුවෙන් මියගියා යයි කියැවුන පුද්ගලයාගේ අවසන් කටයුතු සදහා අවමංගල දැන්වීම් පවා මුද්‍රණය කර  තිබියදී මියගියා  යැයි කියූ පුද්ගලයා නැවත නිවසට පැමිණීමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වනවා.

පසුගිය 08 වැනිදා ගාල්ල දීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු දෙකක් එකට ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණා.

බෝට්ටු අනතුරෙන්  මියගොස් ඇත්තේ ගාල්ල මහමෝදර සියඹලාගහ වත්ත ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි  සජිත් මධුසංක නැමති තරුණයෙක්.

නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දන්වා ඇති පුවතක සදහන් වී ඇත්තේ 21 හැවිරිදි ඉෂාන් මංජුල නම් තරුණයෙකු මියගොස් ඇති බවයි.

මෙම වැරදි තොරතුරත් සමග මංජුල තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර තිබූ ඇති අතර ඊට අදාල අවමංගල  බැනර්  පවා ඡායාරෑප සහිතව මුද්‍රණයකර කොට තිබුණා.

මියගිය සජිත් මධුසංක තරුණයාගේ දේහය  ගාල්ල ධීවර වරාය වෙත ගෙනඑනු ලැබූ අතර මියගිය බව පැවසූ තරුණයා යලි නිවසට පැමිණ තිබෙනවා.

අනතුරින් මියගිය තරුණයාගේ මරණයට අදාල හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

Leave a Reply

Your email address will not be published.