මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතුව ඇමතිවරු 2 ක් බේරන්නයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා FCID / CID සහ අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රවලට කටයතු කරන බව ප්‍රකාශ කළේ ආන්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකු බේරා ගැනීම සදහා බව වාර්තා වනවා.

ඒ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්වයි. ඔවුන්ට ජනාධිපතිවරයා සමග සමීපව දේශපාලන කටයුතු වල නිරතව සිටිනවා. එහෙත් පසුගිය කාලයේ සිදුවූ විවිධ අක්‍රමිකතා මුල් කරගනිමින් මෙම දේශපාලනඥයින් දෙදෙනාට එරහිව නීතිමය පියවර ගැනුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ගැටළු රැසක් ඇතිවී තිබෙනවා.

ජනාධිපතිවරයාට මෙවැනි ප්‍රකාශයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත්තේ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අඹේවර්ධන / එස් බී දිසානායක / මහින්ද අමරවීර / මහින්ද සමරසිංහ / නිමල් සිරිපාල සහ දුමින්ද දිසානායක බවයි ප්‍රයිම් ලංකා වෙත වාර්තා වුණේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයද තීරණ රැසක් ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය වී ඇතැයි සදහන්. ඔහුට විරුද්ධව ඉදිරියේදී පියවර කිහිපයක් ගැනීමටත් මෙහිදී තීරණය වී ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිලිබද ඒකාබද්ධ විපක්ෂය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසාදය පළ කලද ඔවුන්ට බොර දියේ මාලු බෑමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයිද සදහන්. හිටපු ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් පිලිබද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණද එහි සත්‍ය තත්වය එය නොවීම ඊට හේතුවයි.

Leave a Reply

Your email address will not be published.