තිලංගට එරහි ක්‍රිකට් කුමන්ත්‍රණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කථානයක තිලංග සුමතිපල මහතා පත්වීමත් සමග පරිපාලන ගැටළු රැසක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ සක්‍රීයව නිලධාරීන් විධායක කමිටුවට සිය දායකත්වය ලබා නොදීම බවයි වාර්තා වන්නේ.

මෙම නිලධාරීන් බහුතරය ක්‍රිකට් ආයතනයේ උසස් පුටු වලට පත්කරනු ලැබුවේ හිටපු පරිපාලනයයි. එහිදී නිෂාන්ත රණතුංග මහතාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.

කෙසේ වෙතත් මෙම නිලධාරීන්ද සමග ක්‍රිකට් ආයතනයේ පරිපාලන බලය ලබාගැනීම සදහා නිෂාන්ත රණතුංග මහතා විවිධ පාර්ශ්ව සමග සාකච්ජා කරමින් ඇතැයි වාර්තා වනවා. උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ද මේ වන විට සිටින්නේ නිෂාන්ත සමග බව සදහන්.

ඔවුන් දෙදෙනාගේ විශේෂ සාකච්ජාවක් පසුගියදා කොළඹ පීච් වැලි හිදී පැවති බවයි ප්‍රයිම් ලංකා වෙත වාර්තා වුණේ. එම සාකච්ජාවට හිටපු ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් මෙන්ම වත්මන් විධායක කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකුද එක්ව ඇතැයි සදහන්.

දංස්ටන් ගොලුහේවා / ප්‍රියන්ත අල්ගම / ශිබ්ලි විල්කසිම් / ජයනන්ද වර්ණවීර / හිරන්ත පෙරේරා / අජිත් කුරේ ඒ අතර සිටි බවයි අප වෙත වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම සාකච්ජාවේදී නිෂාන්ත සහ ජයන්ත අතර උණුසුම් තත්වයක්ද ඇතිව තිබෙනවා. ඒ නිෂාන්ත ලේකම් ලෙස සිටි සමයේ ක්‍රිකට් ආයතනයේ සිදුවූ ඇතැම් ක්‍රියා ජයන්ත හෙලා දකිමින් අදහස් පළකිරීමත් සමගයි. එහිදී ජයන්ත සභාපති ලෙස කළ කිසිදු කටයුත්තක් නැති බව පෙන්වා දී ඇතැයිද සදහන්.

කෙසේ වෙතත් මෙම සාකච්ජාවෙන් පසු ඉදිරියේදී ක්‍රිකට් ආයතනයේ කටයුතු සදහා මැදිහත්වන ආකාරය පිලිබදවත් තීරණයකට එළඹ ඇතැයි වාර්තා වනවා. මීලග ක්‍රිකට් නිලවරණයේදී තිලංගට එරහි සන්ධානයක් දැන්ම සිටම ගොඩනැංවීමට සැලසුම් සකස් කරමින් ඇතැයි ද සදහන්.

Leave a Reply

Your email address will not be published.