සැමියාට අනියම් බිරින්දෑවරු සැපයූ අපූරු බිරිදක්

බාල වයස්කාර දැරියක් රවටා දූෂණය කිරීමට පෙළඹවීම සහ අනුබල ලබාදීම යන වැරදි සම්බන්ධයෙන් විවාහක යුවලක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම දැරියගේ වයස අවුරුදු 15 ක්. ඇගේ මව විදෙස්ගතව ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන තිබෙනවා. දැරිය ජීවත්ව ඇත්තේ මිත්තනිය සමගයි.

ඇගේ නිවසට යාබද නිවසක විසූ 22 හැවිරිදි කාන්තාවක් මෙම දැරියව ඔවුන්ගේ නිවසට කැදවාගෙන ගොස් තිබෙනවා. අනතුරුව 32 හැවිරිදි ස්වාමියාට මෙම දැරියව දූෂණය කිරීම සදහා ඉඩ ලබාදී ඇතැයි සදහන්. එහිදී මෙම කාන්තාව දැරියට පවසා ඇත්තේ දෙදෙනාම බිරින්දෑවරු ලෙස සිටිමින් සතුටින් පවුල් කමු කියායි.

සැකකාර ස්වාමියා බිරින්දෑගේ අවසරය මත අවස්ථා කිහිපයකදීම මෙම දැරියව දූෂණය කර ඇති බව අධිකරණයේදී හෙලි වුණා.

දැරියගේ මිත්තනිය වාන්ඇළ පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම යුවලව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.