ජනපති ඉදිරියේ ඇමති ලක්ෂ්මන් සෙනවිරත්නගේ කලිසම ගැලවෙයි – Vedio

ජනාධිපතිවරයා අද මයියංගනයට ගියේ ජල යෝජනා ක්‍රම දෙකක් ජනතා අයිතියට පවරන්නයි. මෙම නව ව්‍යාපෘති දෙකෙන් පවුල් තිස්දහසකට ආසන්න පිරිසකට සෙත සැලසෙනවා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි වසර තුන තුල මෙරට පානීය ජල ගැටළු සියල්ල විසදන බවයි.

කෙසේ වෙතත් මෙම විවෘත කිරීමෙන් පසු ජනතාව සමග සුහද කථාබහක නිරතවීමට ද ජනාධිපතිවරයා එක්වුණා. එම අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතාත් එක්ව සිටියා.

එහිදී එක් කාන්තාවක් පවසන්නේ ජන්දයට පෙර නිවාස ලබාදෙන බව පොරොන්දු වුවත් ඇමති ලක්ෂ්මන්ව දැක්කෙත් අදයි කියායි. මෙහිදී අමාත්‍යවරයා නිරුත්තර වන අතර කේන්තියෙන් කාන්තාවට යමක් පවසනවා. කෙසේ වෙතත් එම සිදුවීමට ජනාධිපතිවරයා සිනහවන්නේ රැස්ව සිටි සියල්ලන්ද සමගයි.

අනතුරුව නිවාස ගැටළුව විසදීමට එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයාට පැවරීමටයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ.

එම වීඩියෝව පහතින්.

Leave a Reply

Your email address will not be published.