නිවසේ මිය ගිය තරුණයා විමල්ගේ දියණියට හිංසනයක් වෙලාලු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය ජාතික ළමා ආරක‍ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, සමාජ ජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් තමන්ට බරපතල මානසික හිංසනයක් සිදුකරන බව පවසමින්.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත සහ තම මව වන ශෂී වීරවංශ සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළා.

පසුගියදා විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයකු මිය ගොස් සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ සමීප මිතුරෙකුයි මෙලෙස මිය ගොස් සිටියේ.

ඔහුගේ මරණය සැක සහිත බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී කියා සිටියා. ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මෙතෙක් පොලීසිය මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ මන්දෝත්සාහී බවක් ඇතැයි බොහෝ පාර්ශ්ව චෝදනා කරනවා. ඒ මෙම මරණය පිලිබද මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට අසමත්වීම හේතුවෙන්. ඇතැම්විට මෙම සිදුවීමත් යටපත්ව යනු ඇති බවයි ඇතමුන් පවසන්නේ.

wimal-weerawansa-wife

Leave a Reply

Your email address will not be published.