හොද නිරූපිකාවක් උනත් තැනක් ලැබෙන්නෙ නැති හේතුවක් තියෙනවා

ඔයාගේ නම කිව්වොත්?

මගේ නම දිනේෂා දිසානායක.

 

රැකියාවක් කරනවාද?

දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

පොඩි කාලේ ඉඳලා නිරූපණයට සම්බන්ධ වෙන්න ආසාවක් තිබ්බා.

 

ඒ සඳහා වෙන් කරන්න කාලය තියෙනවාද?

ඔව් ඒකට මට වෙලා තියෙනවා. මගේ ඔෆිස් එකේ යාළුවොත් මට ගොඩක් උදවු කරනවා. මට නිවාඩු ගන්න ඕනේ වුණාම. එයාලත් ගොඩක් කැමති මම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවට.

 

ගෙදරින් කැමතිද?

මුලින්ම ගෙදරින් අකමැති වුණා. ඒත් පස්සෙ ටිකෙන් ටික එයාලත් කැමති වුණා. එයාලගේ විශ්වාසය කඩ නොකර මම වැඩ කරන නිසා. ගෙදරින් මට දැන් ලොකු සහයෝගයක් දෙනවා.

 

නිරූපණය හදාරනවාද?

දැනට හදාරමින් ඉස්සරහට යනවා.

 

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

ඒක හොඳ විදිහට කළොත් ඇත්තටම ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. ඉතිං මම හිතනවා ඒක හොඳයි කියලා.

 

නිරූපිකාවක්ට අද ලංකාව තුළ තැනක් හම්බවෙනවා කියලා ඔයා හිතනවාද?

ඇත්තටම අද තියෙන සමාජ වෙබ් අඩවිවලින් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට එන්න හදනවා. ඒක නිසා සමහර තැන්වලදී හොඳ නිරූපිකාවට වුණත් එයාගේ තැන ලැබෙන්නෙ නැහැ. තම තමන්ගේ දක්ෂතාව අනුව තැනක් ලැබෙනවා.

 

නවකයන් බොහෝ අය බිහිවෙන්නේ මේ ක්ෂේත්‍රය ලේසි කියලා හිතාගෙනද?

නැහැ. අපි මොන දේ කළත් මුලින් ලේසි වෙන්නෙ නැහැ.

 

ඉදිරි කටයුතු?

ඉදිරි නිර්මාණ ලැබුණොත් ඒවට සහභාගි වෙලා දැනට කරන ජොබ් එකත් කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, ගොඩක් අය ඉන්නවා.

 

ඒ අය ගැන කිව්වොත්?

ඉස්සෙල්ලාම මට මුණගැහුණේ ඩිලාන් ගෞතමදාස අයියවයි.  ඊට පස්සේ හෂාන් පන්නිලගේ අයියා මුණ ගැහුණා. ඒ දෙන්නා මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න. කලින් ෆොටෝ ෂූට් කරලා තිබුණත් ආර්ටිකල් එකක් සඳහා උදව් කරේ මේ දෙන්නා තමයි. තව විශේෂයෙන් කියන්න ඕනේ, මගේ පෙම්වතා වන මහේෂ් මගේ ලගින්ම ඉඳන් හැමතැනටම යන්න උදව් කරනවා. ඊට අමරතව මගේ යාළුවොයි, මගේ ගෙදර අයයි, තව ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි.

 

Leave a Reply

Your email address will not be published.