කල්ලාගේ කඩුලු පැන දිවීමේ රහස

මේ 1976 වසරට පෙර සමයයි. එවකට ඇමරිකාවේ කලු සුදු බේදය අද මෙන්ම පැවතිය බව රහසක් නොවෙයි. එහෙයින් අපහසුතාවට ලක්වූ තවත් සිසුවෙකු නමින් මෝසස් නම් වුණා.

මට හිතෙනව අරකගෙ හක්ක තලන්න. දවසක් මෝසස් ගිගුරුවේ ක්‍රීඩා පිටියේදී සුදු ජාතික සිසුවකුගෙන් සිදුවූ හිරිහැරයක් හේතුවෙන්. එහෙත් පුහුණුකරු ලොයිඩ් ජැක්සන් ඔහුගේ හිත හැදුවා. පුතා වැඩ පෙන්නන්න ඕන අතින් නෙමෙයි. පයින්.

මෝසස් ෆිසික්ස් පිලිබද හොදින් ඉගෙන ගෙන සිටියා. ඔහු සිය පළමු මීටර් හාරසිය කඩුලු පැන දිවීමේ තරගයේදීම ජයග්‍රහණය වාර් තා කළේ පුහුණුකරු පවා මවිතයට පත් කරමින්.

මොකක්ද මෝසස් ඒ දුවපු විදිහ. අපි පුහුණු වුන විදිහට නෙමෙයිනෙ උබ දිව්වෙ. කොහොම වුනත් වැඩේ සුපිරි. එඩ්වින් මෝසස් නම් තරුණයා මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වට නව තාක්ෂණයක් හදුන්වා දුන්නා. ඒ සෑම කඩුලු දෙකක් අතර පියවර 13 ක් පමණක් ධාවනය කරමින්. මීට පෙර එය පියවර 17 ත් 18 ත් අතරයි පැවතුනේ.

කෙසේ වෙතත් මෙතැන් පටන් පිටියේ පෙරලිකාරයා වූ මෝසස් 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන්නේ ඇමරිකානු කණ්ඩායමේ  රන් පදක්කම් බලාපොරොත්තුවක් ලෙසයි. එහිදී නව ලෝක වාර් තාවක්ද සමගින් තරගය තත්පර 47.63 නිම කරන ඔහු රන් පදක්කමකින් ගෙල සරසා ගන්නවා. කෙසේ වෙතත් එතෙක් කඩුලු දෙකක් අතර පියවර 17 ට වඩා අඩුකළ නොහැකි බව විශ්වාස කළ පුහුණුකරුවන්ට මෝසස්ගේ පහසු ජයග්‍රහණය යලි සිතන්නට කියා දුන්නා.

එහෙත් වසරක් ගතවීමටත් පෙර 1977 අගෝස්තු 26 වැනිදා බටහිර ජර් මනියේ පැවති තරගයකදී ඔහු පරාජයට පත්වනවා. එම පරාජය ලබා සතියකට පසු සිය ප්‍රතිවාදියාව මීටර් 15 ක් දුරින් තබමින් යලිත් සිය ආධිපත්‍ය මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී ලබා ගැනීමට මෝසස් සමත්වන්නේ අප්‍රතිහත කැපවීමේ ප්‍රතිපලයක් ලෙසයි. එම ජයග්‍රහනයේ සිට වසර 9 මාස 9 දින 9 ක් කිසිදු තරගයකදී පරාජය නොවූ මෝසස් අදටත් ක්‍රීඩා ලෝකය වෙනස්කළ තරුවක්.

අදවන විට පහසුකම් නැති බව කියමින් ලතවන ඇතැම් මෙරට ක්‍රීඩකයින් විදෙස් තරග සංචාරයන් වන්දනාවන් කරගෙන තිබෙනවා. ඔවුන් අලුතින් සිතීමට තබා සිය ඉසව්වේ ඉතිහාසය පිලිබදව හෝ දන්නේද යන්න ගැටළුවක්. මාසිකව ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ අනුග්‍රාහකයින්ගෙන් හිමිවන දීමනාවන් ලබා ගනිමින් ජාතික ශූරතාව පමණක් දිනා ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ රටම අදුරේ හෙලමින්. මෙරට ක්‍රීඩාව ජයග්‍රහණ කරා මෙහෙයවීමට නම් අලුතින් හිතන අලුත් දේ අත්හදාබැලිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහ පුහුණුකරුවන් පිරිසක් බිහිවිය යුතුමයි.

One thought on “කල්ලාගේ කඩුලු පැන දිවීමේ රහස

Leave a Reply

Your email address will not be published.