තානාපතිට වෙඩි – තත්වය බරපතලයි

තර්කියේ රුසියානු තානාපතිවරයා එරට අන්කාර නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, තානාපතිවරයාගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පවසනවා. අන්කාරා නගරයේ ඡායාරූප ගැලරියක ප්‍රදර්ශනයක් නරඹමින් සිටියදී තානාපති අන්ද්‍රෙයි කර්ලෝව් වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

සිරියාවේ සිදුවන රුසියානු හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව තුර්කියේ උද්ඝෝෂණයක් සිදුවී දිනක් ගෙවී යන තැන මෙම ප්‍රහාරය සිදුව තිබීමද විශේෂත්වයක්.

රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට තානාපතිවරයා එම අවස්ථාවේදී ‘තුර්කිවරුන් රුසියාව දකින්නේ කෙසේද?’ යන තේමාවෙන් වූ ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹමින් සිට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.