බිරිදට පෙම්බැදි යොවුන් ක්‍රිකට් තරුවට සැමියා කළ දේ

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකුගේ විනය විරෝ්‍ධී හැසිරීම්වලට එරහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු නොකිරීම පිලිබද මේ වන විට කථාබහක් ඇතිවී තිබෙනවා. මෙම ක්‍රිකට් ක්‍රීඩකයා කලක පටන් විවාහක කාන්තාවක් සමග ඇසුරක් පවත්වමින් ගොස් තිබෙනවා. තවමත් පාසල් යන මෙම සිසුවා එම සම්බන්ධයට දැඩිව ඇලුම් කරන බවයි පැවසෙන්නේ.

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ජංගම දුරකථන භාවිත කිරීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එහෙත් මෙම ක්‍රීඩකයා ජංගම දුරකථනයක් භාවිත කර තිබෙනවා. ඒ පිලිබද තොරතුරු සැලවීමෙන් පසු කණ්ඩායම් කළමණාකාරීත්වය සොයා බැලීමක් කර ඇතැයි සදහන්. එහිදී ජංගම දුරකථනය සොයාගෙන තිබෙනවා. අනතුරුව දැඩිව අවවාද කර ජංගම දුරකථනය කළමණාකාරීත්වය භාරගයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් මේ පිලිබද කිසිවකුටත් නොපවසන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය සෙසු ක්‍රීඩකයින්ට දැනුම් දී ඇතැයි සදහන්.

මේ අතර මෙම සිසුවා තම බිරිද සමග සබදතාවක් පවත්වන බව පවසමින් ස්වාමිපුරුෂයා දෙමටගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව පොලීසිය දෙපාර්ශ්වයම කැදවා විභාගයක් පවත්වා ඇතැයි සදහන්. මෙය ගොඩින් බේරා ගැනීමට එවිට කටයුතු කර ඇත්තේ ක්‍රීඩකයාගේ අනාගතය පිලිබද සිතා බවයි වාර්තා වන්නේ. එහෙත් මෙම ක්‍රීඩකයා එම සබදතාව නතර කර නැහැ. එම කාන්තාවව තරගාවලිය අතුරතුර ගෙන්වාගැනීමට ඔහු උත්සාහ කර ඇතැයිද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම තත්වයන් පිලිබද කණ්ඩායම් කළමණාකාරීත්වය කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක්. මීට පෙර ක්‍රීඩකයකු හෝටල් කාමරයේ වීදුරුවක් බින්ද බව පවසමින් ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමටත් ක්‍රිකට් කළමණාකරුවන් කටයුතු කර තිබුණා.

මෙම ක්‍රීඩකයාට එරහිව කිසිදු විනය පියවරක් නොගන්නේ ඔහු කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජයක සාමාජිකයකු වීම හේතුවෙන් බවත් සදහන්.

One thought on “බිරිදට පෙම්බැදි යොවුන් ක්‍රිකට් තරුවට සැමියා කළ දේ

  • December 26, 2016 at 11:49 pm
    Permalink

    මව් පින්තූරේ ඉන්න කොයි එකාද?

    Reply

Leave a Reply

Your email address will not be published.