රති කෙළියට ගෙනා කාන්තාව බෙදාගන්න දඹුල්ලේදී දෙපිරිසක් ඇණකොටා ගනී

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක් තුළට කාන්තාවක් ගෙන්වාගෙන එහි සේවකයින් තිදෙනෙකු කම් සැප විද තිබෙනවා. මෙම තිදෙනා එක් කාන්තාවක් වෙළදසැල තුල තබාගෙන සිටින අයුරු අසල වෙනත් වෙළදසැලක සේවකයින් පිරිසක් දැක ඇත්තේ අලුයමයි. එවිට ඔවුන් පැමිණ මෙම කාන්තාව තමන්ටත් කම් සැප විදීම සදහා ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. එහෙත් ඊට ඇයව රැගෙන ආ වෙළද සැලේ සේවකයින් තුන්දෙනා එකග වී නැහැ.

ඒ පිලිබද එකගතාවකට පැමිණීමට නොහැකිව දෙපිරිස අතර බහින්බස්වීමක් ඇතිව තිබෙනවා. අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති බව සදහන්. එය පාලනයට මැදිහත්ව ඇත්තේ දඹුල්ල වෙළද මධ්‍යස්ථානයේ ආරක්ෂයින්. අනතුරුව ඔවුන් මේ පිලිබද පොලීසයට දැනුම් දී තිබෙනවා. එම ස්ථානයට පැමිණි පොලීසිය කාන්තාව ගෙන්වා ගත් වෙළෙඳසැළට සීල් තබා සිව්දෙනෙකු පොලීසියට බාරදී තිබෙනවා.

අද(29) අලුයම 2.00ට පමණයි මෙම සිදුවීම වී ඇත්තේ. වෙළෙඳ මධ්‍යස්ථානයේ කීර්තිනාමයට හානියක් වනසේ හැසිරුණු බව සැකපිට වෙළඳසැල් සේවකයන් තිදෙනකු හා කාන්තාවක මෙලෙස දඹුල්ල පොලිසියට බාර දුන් පිරිස අතර වනවා.

Leave a Reply

Your email address will not be published.