ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 206 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 286 ක්. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 205 ක් පමණයි.

අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 406 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. මේ අනුව ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට ලකුණු 488 ක ඉලක්කයක් හිමිවුණා. තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා. ඒ අනුව අද දිනය තුල ජයග්‍රහණය සදහා 248 ක් අද දිනයේදී ලබාගත් යුතු වුනේ කඩුලු 5 ක් අතැතිවයි.

එහෙත් අපරික්ෂාකාරී හා වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 281 කට සීමා වුණා. නායක මැතිව්ස් ලකුණු 59 යි. ලකුණු 23 ක් තුල අවසන් කඩුලු 4 දැවී යාම මෙවැනි පරාජයකට හේතුව බව විචාරකයින් පවසනවා. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් මැතිව්ස් කියා සිටියේ අනවශ්‍ය පහරවල් සදහා පිතිකරුවන් යොමුවීම පරාජයට හේතු වු බවයි.

 

Leave a Reply

Your email address will not be published.