ITN ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර නිවේදකයා හඩා වැටෙයි – Video

මිනිස්සුන්ගේ නෙතට කදුලක් නැගෙන්නේ සංවේදී වූ විටයි. තවත් කෙනෙකුගේ ජීවිත කථාවක් දැක නෙතට කදුලක් උනන්න නම් එය බොහෝ සංවේදී විය යුතුයි. මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි නෙත්මි දහරා ශිෂ්‍යාව සමත්වන්නේ බොහෝ දෙනෙකුට නව කථාවකට දොරටු විවර කරමින්. තම මිත්තනියගේ සෙවනේ හැදී වැඩෙන මෙම දියණියගේ මව මන්ද මානසික වන අතර පියාත් එම මට්ටමට ආසන්න කෙනෙකු වනවා.

පවුලේ සෙසු සොහොයුරිය හා සොහොයුරාත් මන්ද මානසිකයි. පවුලේ නීරෝගී එකම දරුවා වන ඇය ඇල්ලවල කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්වන්නේ වසර හතලිහකට පසු එවන් දස්කමක් දැක්වූ පළමුවැන්නා ලෙසයි.

ඥාති නිවසක මිත්තනිය සමග දිවි ගෙවන ඇයට අධ්‍යාපනය සදහා කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. කවුරුන් හෝ ලියා අවසන් නොමැතිව ඉතිරි වූ පොත් පත් තම භාවිතයට ගන්නා ඇයට පාඩම් කිරීමට පුටුවක් තිබුනේත් නැහැ.

එම සියළු අභියෝග ජය ගනිමින් ඇය ලැබූ මෙම ජයග්‍රාහණය පිලිබද ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශය වාර්තාවක් සකස්කර තිබෙනවා. එය  විකාශය වන විට මැදිරියේ සිට නැරඹූ නිවේදක ඉම්රාන් හමීඩ් ප්‍රවෘත්තිය අවසන් වද්දී අනෙක් ප්‍රවෘත්තිය කියවන්නට යන්නේ කදුලු පිස දමමින්. ඇගේ සංවේදී කථාව මෙතනින් නරඹන්න…

 

2 thoughts on “ITN ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර නිවේදකයා හඩා වැටෙයි – Video

  • January 1, 2017 at 8:15 pm
    Permalink

    dear gentlemen.

    we would like to help that child , could you pls help how to we contact or give me some details for help that child.

    Reply
    • January 18, 2017 at 9:35 pm
      Permalink

      Dear Mr/Mrs,
      I think you can find the details by contacting ITN.
      Thanks.

      Reply

Leave a Reply

Your email address will not be published.